IMG-LOGO

බදුල්ලට ජපන් රැකියා පොළක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කළ ජපන් රැකියා පොළ  ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී  පැවැත්විණි.

මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමුවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කළ අතර, ඊට අමතරව ශ්‍රී ලාංකිකයින්ට අයැදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳව දැනුවත් කෙරිණි.

ජපන් භාෂාව හදාරා මෙම රැකියා සඳහා යොමුවන ලෙස කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

එසේම ජපන් භාෂාව අඛණ්ඩව හදාරා නොතිබීම හේතුවෙන් එරටින් ශ්‍රි ලාංකිකයින්ට හිමිවන රැකියා සඳහා අයැදුම් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා JAICA ආයතනය, IM Japan ආයතනය ඇතුළු ජපන් රැකියා ඇණවුම් ලැබී ඇති බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන රැසක් හා ජපන් භාෂා පුහුණු පාසල් කිහිපයක්ද සහභාගී වූ අතර, තරුණ තරුණියෝ  විශාල පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

 



අදහස් (0)

බදුල්ලට ජපන් රැකියා පොළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site