
(චන්දන හෙන්දුරුගොඩ)
වනාතවිල්ළුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනකු ඇතුළු 12 දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි.
වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ වනාතවිල්ළුව වන ශ්‍රේෂ්ත්‍ර සහකාරවරුන් හා බීට්ටු වන නිළධාරින් හා වනාතවිල්ළුව පොලීසය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
මල්විල ප්‍රදේශයෙන් වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයට ඇතුලත් වී ඇති අතර මෙම සැකකරුවන් එම ප්‍රදේශය එළිපෙහෙලි කරන විට මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සතුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිල් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සදහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත ලිපියක් පමණක් තිබි නිළධාරින්ට ඉදිරිපත් කළ බව වැටලිමට එක් වූ නිලධාරීහු පැවැසූහ.
පුත්තලම අඩවි වන නිළධාරි අශෝක ප්‍රේමරත්න මහතා සදහන් කළේ පිරිස රැගෙන ගිය ටැක්ටර් රථය හා උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිිලධාරින් බාරයට ගත් බවයි.
මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනකු හා කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයක ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයකු ඇතළු පිරිසක් සිටින බව වන සංරක්ෂක නිළධාරින් සදහන් කළේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් සියළු දෙනා වනාතවිල්ළුව පොලීසියේ රදවා ඇති අතර අද උදෑසන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කාපු බීපු වෙලාවට දෙන අනුමැති අනේ. ඉන්නකෝ මං හමින්බර්ඩ්ගෙන් අහන්න...
අක්කර හයසීයක් එලි කරන කම් නිදියාගෙන හිටිය වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්න ඕනෑ නේද?
විදේශියකයා කොයි රටෙන්ද කිව්වොත් කෙලින්ම කිව්ව හැකි මොකක්ද වෙන්නේ කියලා. පාකිස්තාන් ඉන්දියන් හම්බයින් ඇවිත් නිකන් මෙහෙ ඔක්කෝම අල්ලා ගන්නවා... දැන් ඔවුන්ට වීසා ඕනෙත් නැහැ.
අපි ඔය ගැන හැමදාමත්ම බලධාරීන්ව දැනුවත්කළා. දැන් අක්කර 600 ක් ? ඉස්රායල් බූවල්ලාට ලංකාව කෙළිබිමක් කරන්න ඉඩදෙන්න එපා. ලෝකයේ සිටින ජරාම ජාතිය වන ඉස්රායල් කාරයින් වහාම ලංකාවෙන් පිටමන් කලයුතුයි. නියපොත්තෙන් කඩන්න පුලුවන්දේ පොරොවෙන් කපන්න ඉඩතියන්න එපා....
ඕන් ඕවාට තමයි අලි ටික මරන්නේ. මේවා ආණ්ඩුවේ ඇමැතිලත් එකතුවෙලා ගහන ගේම්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්නකෝ...!
පුනරුදේ කියන්නේ මේවාට. විදේශිකයෝ ඇවිල්ලා ආණ්ඩුවේ නීති ගණන් ගන්නේ නැතිව වනාන්තර එළිකරනවා. රක්ෂිත වනාන්තර වල සත්තු මරාදමනවා... හමගහනවා. ඒත් කතාව නම් නීතිය සැමට...!
පුදුම මිනිස්සු මේ විදේශිකයෝ අල්ලලා තියෙන්නේ? මේ විදේශිකයෝ කුමන රටේ විදේශිකයෝද, කියන එකත්, අනුර ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් වගේ ජනතාවට හෙළි කරන්න තරම් අපහසු, ජනතා පරමාධිපත්‍යය උලාකන දේශපාළුවන් මෙන්ම එකට පෙළගැසී සිටින නිලධාරින්ද හෙළා දැකීම, අද අදම වහාම බුද්ධිමත් ජනතාව එක්ව කළයුතුව ඇත...!