
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් භාරදීමට තීරණය කර ඇත.
මෙම යෝජනාව ලබන සඳුදා කතානායකවරයාට භාරදීමට නියමිත බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් භාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක් ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අපිටත් ෂුවර් නෑ සහෝදරයා, මේ තනතුරට අපිත් එක්ක මුල සිට හිටිය අපේම කෙනෙක් දාන්න..
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයෝ කවුද කියන එකත්, ඒ පිටුපස ඉන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ සිටින බවත් ලෝකෙම දන්නවා. බලය නැතුව, කරකියා ගන්ඩ දෙයක් නැතුව මෝලේ විකාර වෙලා ඉන්න විපක්ෂයේ අය ගැන මොන කතාද?
මේ ආණ්ඩුවේ අසමත් අය අතර බංකු බංකු මහතා ප්‍රමුඛයෙකි. කෙතරම් අසමත් වුවත් ආණ්ඩුවේ ඇත්තන් මෙහි දී එතුමන්ට තම පක්‍ෂපාතිත්වය පල කරනු ඇත. නමුත්, මෙම විශ්වාසයභංගය හරහා අ. ජයසේකර ඇතුලු සමස්ත ආණ්ඩුවේ නොහැකියාව වෙත ජනතා අවධානය යොමු කරවීමට කටයුතු කළ යුතුයි...