
(සුජිත් හේවාජුලිගේ)
අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.
රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවත් වාහන පන් හය දහසක් අවශ්‍ය වන බව රජයට පෙනී ගොස් ඇත.
රාජ්‍ය ආයතනවලට වසර 15කින් පමණ වාහන මිලදීගෙන නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
බොහෝ ආයතනවල පවතින අධික වටිනාකම් සහිත අධි සුඛෝපභෝගී වාහන විකුණා ලබා ගන්නා මුදල් වලින් එදිනෙදා පරිහරණයට වැදගත් වන පොඩි වාහන මිලදී ගැනීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇත.
මේ අතර රජයේ ආයතනවල වැඩි එන්ජින් ධාරිතාවය සහිත අධි සුඛෝපභෝගෝ වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද බොහෝ ආයතනවල එම කටයුතු හරියාකාරව සිදුවී නැතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ කන්තෝරුවලට සුදුසුම වාහනය ත්‍රිරෝද රථයි. ඕවායේ එක වරකට යන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. ඉන්ධන වියදමත් අඩුයි. අපේ ආණ්ඩුවෙන් වෙනසක් කරමු.
රාජ්‍ය ආයතනවල වාහන අවභාවිතා කරන සංස්කෘතිය වෙනස් නොකරන තුරු ඔය අඬවැඩියාව ඉවර වෙන්නේ නෑ...! අහිංසක ගොවියන් ධීවරයින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කම්කරුවන් බිත්තියට හේත්තු කරලා බදු පිට බදු ගහලා රජයේ නිලධාරීන්ට වාහන දීලා තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න යන්නේ...! අනේ අපොයි කාට කියන්නද මේ අවනඩුව?
බුහ හා, තිබ්බ වාහන වෙන්දේසි කරලා දැන් කියනවා වාහන හිඟයි කියලා, කාවද මේ රවට්ටන්නේ? අධික වාහන හිඟය? බම්බුව තමයි. පොරොන්දු වුනේ බස් එකේ එනවා ත්‍රී වීල් එකේ එනවා ගගා. දැන් ඕන ලක්ෂරි වාහන...
ගුණරත්නට අසනීපයක් තියෙන බව තේරෙනවා. හොදට නිව්ස් එක ආයේ කියවන්න. මිල වැඩි වාහන විකුණලා මිල අඩු වාහන ගේන්න හදනවා කියලා තමයි තියෙන්නේ.