
(විමුක්ති එස් රුද්‍රිගු)
කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
මියගිය 5 දෙනාගෙන් 2 ක් ළමයින් බවත් ඒ අනුව මෙතෙක් ආහාර නොමැති කමින් ළමයින් 100 ක් මියගොස් තිබෙන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය.
කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් මියගිය ගණන 217 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාසාවේ ලොක්කෝ බලන්න, හොඳට කාලා බීලා ඉන්න කට්ටිය කියලා හොඳට පෙනෙනවා. වැඩිහිටි උන්ගෙන් මම දැකලාම නැහැ. එකෙක්වත් කෙට්ටු අය. ඔය පුංචි ළමයි ජානගත රෝග තිබෙන ළමයි, එහෙම සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා... මොකද ඔය මිනිස්සුන්, ඥාතීන් අතරේ විවාහ කරගන්නා නිසා.. ආහාර බෙදාහරින්නේත් හමාස් සංවිධානය මගින්... ඉතින් ඔවුන් පිනට ලැබෙන ආහාර එකතු කරගෙන විකුණනවා කිහිප ගුණයක් අධික මිලකට. ඉස්සර ලංකාවේ හිටි කොටි ත්‍රස්තවාදීන් වගේම තමයි...
මේ ගුණරත්න කියන්නෙ ලෙඩෙක්. උද්දච්ච නූගතෙක්...
යකෝ මේ ගුනය කියන බොරු .
ඉතිං ගුණපාලයෝ ලංකාවෙත් මීට කළින් වුණේ ඔය වගේම දේවල්නේ. පාලකයෝ සහ ඔවුන්ගේ සහචරයෝ ජනතාවගේ රීරි මාංශ උරා බීල, උන් හොඳට හිටයා, සාමාන්‍ය ජනතාවට කන්න-බොන්න නැතිව මන්දපෝෂණය හැදුනා. සමහරු සියදිවි නසාගත්තා මතක නැතෙයි?
බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ අමුම අමු තිරිසනෙක් තමන්ගේ බලය සදහා මිනිස්සුන් ගාතනය කරන නගර පිටින් විනාශ කරන.
මේ මහත්තුරු නොදන්නා රෙද්දවල් ගැන කතා කරනවා. ත්‍රස්තවාදියන්ට සුදු හුණු ගාන්න එපා. ගාසාව තියා පලස්තීනය කියලා රටක් ඉතිහාසේ කවදාවත් තිබිලා නැහැ. පලස්තීනය කියන්නේ තුර්කිය පදනම් කරගෙන තිබුණු ඔටෝමාන් අධිරාජ්යයේ පළාතක්. ඔවුන්ට රජකෙනෙක් හිටියේ නැහැ. නමුත් ඊශ්‍රායලයට රජෙක් යටතේ පාලනය වෙන පළාත් තිබුණා. පලස්තීනය කියන නම පවා තේරුම හොයලා බලන්න. ඊනියා පලස්තීනය හදන්න කලින් ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි මිනිස්සු කොපමණ හිටියාද බලන්න... දැන් ඉන්නේ කොපමණද බලන්න.