
(ගයාන්සූරිය ආරච්චි)
බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පුද්ගලයන් පස්දෙනාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ හෝකන්දර ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 ත් 38 ත් අතර වයස්වල පසුවන තිදෙනෙකි.
එම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයකු මිය ගිය තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලිසිය කියයි.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd