පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට
තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින් රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක්ද, පිරිමි ඉසව්වෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක්, ලෝකඩ පදක්කම් 1 ක්ද දින ගැනීමට සමත්ව ඇත.