අප්‍රේල් 29 ට කලින් ඡන්ද කාඩ් නාවොත් තැපැල් හලට යන්න අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි. 17 April 2025
විනෝද වෙන්න හැදූ ග්‍රීස් ගහ මාරයෙක් වෙයි ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනිමගක ආදාරයෙන් ග්‍රීස් ආලේප කරමින් සිටියදී ඉන් ඇද වැටී වයස අවුරුදු 16 පාසල් සිසුවකු මියගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි. 17 April 2025
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය. 17 April 2025
මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 17 April 2025
ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 17 April 2025
ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට බෙදීම ඇරඹේ පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද(17) සිට ආරම්භ කෙරිණ. 17 April 2025
දළදා වන්දනා සමයේ මහනුවරට එන වාහන නවතන්න රථ ගාල් 10ක් සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි මහනුවර පොලිස් මූලස්ථානය කියයි. 17 April 2025
අපි ආණ්ඩුවේ සල්ලි බලාගෙන වැඩ කරන්නෙ නෑ පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 April 2025
දළදා වඳින්න ඊයේ සිට දිගු පෝලිම් හෙට සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි. 17 April 2025
රිය ප්‍රපාතයට පෙරැළී එක්දරු මව මරුට ගාල්ල යකලමුල්ල කරාගොඩ ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් විසි අට හැවිරිදි එක් දරු මවක් ජීවිතක්ෂයට පත්වී තිදෙනෙකු රෝහල් ගතකළ බව යක්කලමුල්ල පෙලීසිය කියයි. 17 April 2025
දියර කිරි-යෝගට් වැට් බද්දෙන් නිදහස් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය. 17 April 2025
හොර වාහන හොයන්න කමිටුවක් වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. 17 April 2025
බස් -ත්‍රිරෝද ගැටී 6ක් රෝහලේ අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි 17 April 2025
අවුරුදු සේවා බස් රථ ගැන මගී පැමිණිලි 190 ක් අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (17) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි 17 April 2025
ගොවීන් අවුරුදු ජයටම කෑවේ මේ පාරයි ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. 17 April 2025
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 April 2025
සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 17 April 2025
පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි. 17 April 2025
රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 April 2025
ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක් ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි. 17 April 2025
රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති. 16 April 2025
සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. 16 April 2025
තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක් විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (16)නිකුත් කළේය. 16 April 2025
ජනපති කාර්යාලය වැඩ අරඹයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 16 April 2025
ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා වන විට නැවත සක්‍රීය කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (16) පැවසීය. 16 April 2025
කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්ෂ පත් කරයි කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය. 16 April 2025
ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය. 16 April 2025
ට්‍රම්ප්ගෙ බද්ද හදිසි අවස්ථාවක් සේ සලකා පියවර ගන්න ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය. 16 April 2025
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026