ගම්මන්පිල, පිල්ලෙයන්ගේ නීතිඥයා වීම ගැන නලින්ද කතා කරයි පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. 16 April 2025
මහනුවර පාසල් 41කට දින පහක් නිවාඩු සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා දෙන බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී .සී. අයි. අන්දරගේ මහත්මිය මහනුවර කලාපයේ සියලුම විදුහල්පතිවරුන්ට , විදුහල්පතිනියන්ට සිය අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී තිබේ. 16 April 2025
මහියංගනයේ ගම්මාන දෙකක් ගැටේ: වෙඩිත් පත්තුවේ මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 April 2025
ජනපති හෙට උතුරේ සංචාරයක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත. 16 April 2025
පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි, ගම්මන්පිල හෙළිකරයි කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය. 16 April 2025
ට්‍රම්පේ බදු ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්’’ ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් එම රටවල ආර්ථිකය දැඩි බලපෑමේ අවදානමක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 April 2025
අලුත් අවුරුදු කාලයේ ඉන්ධන විදුලි බලාගාරවලට විවේකයක් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වූ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය. 16 April 2025
පුංචි ඡන්දෙදි ගොඩක් අය ඡන්ද දාන්නේ නැති වෙයි මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 April 2025
මෙරට වයස් ගතම සත්වයට හිසතෙල් ගායි අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල් ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. 16 April 2025
අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය. 16 April 2025
කම්බි කපන්න ගිහින් විදුලි සරෙන් මරුට ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 16 April 2025
සුභ හෝරාවෙන් හිස තෙල් ගා... සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද පෙරවරු 9.04 ට යෙදුන සුබ සිදු කෙරිණි. 16 April 2025
අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය සහ තිරප්පනය පොලිසි පවසයි. 16 April 2025
ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම අද (16) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 16 April 2025
පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි. 16 April 2025
හිසතෙල් ගෑමේ නැකත අද සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අද පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය. 16 April 2025
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2025
දියේ ගිලී දෙදෙනෙක් මරුට පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 April 2025
පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි. 16 April 2025
ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි. 15 April 2025
සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 15 April 2025
බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 15 April 2025
ඇමෙරිකාව හෙල්ලෙයි රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි. 15 April 2025
සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය. 15 April 2025
අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 15 April 2025
’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි. 15 April 2025
කෞතුක වස්තු නඩත්තුවට දුන් මුදලින් පුටු මේස අරන් පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකරණ මිලදීගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 15 April 2025
සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. 15 April 2025
අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 15 April 2025
කොළඹ එන්න ඇති පදම් බස් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය. 15 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026