කැලණි ගඟේ වැලි ජාවාරමක් විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 22 December 2024
ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 22 December 2024
ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක් ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝගයක් නිකුත් කර ඇත. 22 December 2024
නිධන් සෙව් කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයකු අැතුළු සැකකරුවන් පස්දෙනකු ඊයේ(21) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2024
බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි 22 December 2024
ඇලක බැස සිටි කාන්තාවක් කිඹුලකු ඩැහැගෙන ගිහින් වවුනියාව, පාවක්කුලම අැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අැතැයි උළුක්කුලම පොලිසිය කියයි. 22 December 2024
නෙළුම් කුළුණ විවෘතව තබන වේලාව දීර්ඝ කරයි නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ. 22 December 2024
පැය 24 ට අනතුරුවලින් 13 ක් බිලි ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 22 December 2024
පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 December 2024
වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 22 December 2024
මත්ද්‍රව්‍ය සමඟ අයෙක් දැලේ වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2024
සැක කන්ටේනරයක් පොලිස් අත්අඩංගුවට පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 22 December 2024
රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු ගෙනත් දාලා බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි. 22 December 2024
දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක් දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි . 22 December 2024
මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 December 2024
හාලිඇල වැවක කාන්තා මළ සිරුරක් හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි . 22 December 2024
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 December 2024
කොළඹට ආ පාවෙන රෝහල මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අතරතුරේය. 22 December 2024
කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙරොයින් ග්‍රෑම් 106 ක් හා අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 197,000 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි . 21 December 2024
ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ. 21 December 2024
කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 6ක් රෝහලට කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි. 21 December 2024
නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත. 21 December 2024
ජනපති ලබන මස චීනයට ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 December 2024
බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. 21 December 2024
හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින් හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි. 21 December 2024
සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක් සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 21 December 2024
තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ . 21 December 2024
මුදල් ජාවාරම් 20කට මහ බැංකුවෙන් නඩු නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 21 December 2024
සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. 21 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025