
ස්වීඩනයේ වසර 113ක් පැරණි ඓතිහාසික ‘කිරුනා කිර්කා’ නමැති ලී දේවස්ථානය ගලවා වෙනත් නවතැනකට රැගෙන යෑමට බලධාරීහු කටයුතු කළහ.
‘කිරුනා’ දේවස්ථානය, සෙමින් සෙමින් රැගෙන ගියේ කිලෝමීටර් 5ක දුරකටය. ටොන් ගණනක් බර ගොඩනැගිල්ල ගමන් කරන අයුරු නැරඹීමට බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. මෙය ලොව කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.
යපස් කැණීම් හේතුවෙන්, දේවස්ථානය පිහිටි භූමිය අස්ථාවර තත්වයකට පත්වූ බැවින්, දේවස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් එය ගලවා රැගෙන යෑම මෙසේ සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ ඔහොම දේවල් නිතරම සිදු කරනවා.