
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වර්ෂය සඳහා (2026) අයවැය ලේඛනය ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
අයවැය ලේඛනය ඉදිරිපත් කරන දිනය පසුව දැනුම් දෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ අතර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සී.පී මොහොට්ටිගෙදර මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම්දී ඇත.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු විසින් ඉදිරිපත් කෙරෙන දෙවැනි අයවැය ලේඛනය මෙයයි.
මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට ගොවි ධීවර වතු කම්කරු යනාදී ක්ෂේත්‍රවලට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය ලේඛනය නොවැම්බර් 7 මැතිසබයට