ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල් එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය . 05 March 2025
විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා අද(05) සවස මියගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි. 05 March 2025
පිටකොටුවේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් පිටකොටුව රෙක්ල මේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් වෙළඳසැල් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 05 March 2025
අය විය යුතු බදු හරියටම ගන්න අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (05)වන දා පැවසීය. 05 March 2025
ඩේසි ෆොරස්ට ඇප කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය 05 March 2025
පිටකොටුවේ ගින්නක් පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 05 March 2025
සංවර්ධන නිලධාරියා අල්ලස් දැලේ තුරුක්කනාමඩු ප්‍රදේශයේ කුඹුරු ඉඩමකට වගා හානි වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සංවර්ධන නිලධාරියෙක් අද (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 March 2025
යුගයට ගැලපෙන්න රේගුවේ වෙනසක් යුගයට ගැලපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 05 March 2025
මිද්දෙණියේ වෙඩික්කරු අල්ලයි මිද්දෙණිය ගල්පොත්තේ යායේ දී ඉකුත් 18 වන දින රාත්‍රී පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2025
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි අතිකාල දීමනා සහ සහ නිවාඩු දින දිමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පල කරමින් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය හෙට(6) දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ. 05 March 2025
මුහුදුබඩ මාර්ගය දුම්රියක් පීලීපනී මුහුදුබඩ මාර්ගයේ කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැනීම හේතුවෙන් එම මාර්ගය දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 05 March 2025
නොදැන දුන් ඇමතුමක් ගැන විපක්ෂ නායක හෙළි කරයි දැන් ඉන්න ධීවර නියෝජ්‍ය ඇමති උද්ඝෝෂණ වලට හරි දක්ෂයි.එතුමා උද්ඝෝෂණ කරපු සාර්ථකත්වය දුටු මා එදා එතුමාට දුරකථන ඇමතුමකුත් දුන්නා.එලෙස ඇමතුමක් දුන්නේ ඔහු ජේ.වී.පී බව නොදැන යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
හය දෙනෙක්ගෙන් එක්කෙනෙක් දුප්පත් ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු දිළිදු බවට පත් වී ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ධීවරයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
ඇත්තටම ආදරේ නම් ඉන්දීය ධීවරයන් නවත්වන්න උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව සභා නායක ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 March 2025
මැතිසබා හිංසන සිද්ධිය: දෙවෙනි කමිටුවටත් පොල්ලක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු දෙවෙනි කමිටුවටද පැමිණිලිකාර වින්දිත නිලධාරිනිය විරෝධය මතු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2025
දයාසිරි පාර්ලිමේන්තුවේ දී සමාව අයැදී තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුගත් සිල්වා මන්ත්‍රීතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
මන්ත්‍රී කෙනෙක්ගේ ප්‍රකාශයක් නිසා සුගත්ගේ සිත රිදෙයි එක්තරා මන්ත්‍රී කෙනෙක් තමාගේ දෘශ්‍යාබාධිත බව ගැන නිග්‍රහයක් කළ බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට මුදල් විශූද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතිවරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2025
ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප් මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. 05 March 2025
කැනඩා මහ කොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ කැනේඩියා මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි. 05 March 2025
උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම 10 දා සවස 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. 05 March 2025
යාලේ මාර්ග කීපයක් යළි අරියි යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (5) දහවල් සිට යළි විවෘත කළ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 March 2025
උතුරු මාර්ගයේ දුම්රිය වාර 2ක් අවලංගුයි උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර මාර්ග කොටසේ පාළමක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මේ මස 9 වැනිදා දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා පැවසීය. 05 March 2025
ලංකාදීප මැදිරිගිරිය මාධ්යවේදිනිට පහර දෙන්න හදයි හිසකෙස් කපා නොමැතිව පාසල් ආ සාමාන්‍ය පෙළ සිසුවෙකුට කණට පහරදීමේ සිද්ධියක් මුලික කරගනිමින් මැදිරිගිරිය පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව , එම විදුහලේ ඇති වූ සිද්ධියක් වාර්තා කිරීමට ගිය මැදිරිගිරිය ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනිය වු චාපා මදුෂානි මහත්මියට මවුපියෝ පිරිසක් පහරදීමට උත්සහ කරමින් ඇගේ රාජකාරියට බාධා කරමින් දැඩි විරෝධයක් එල්ල කළහ. 05 March 2025
කෝටි 7 ක කේරළ ගංජා අල්ලයි රුපියල් කෝටි 7 කට ආසන්න කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 05 March 2025
ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සමඟ සේවය අතැරගිය පීසී අල්ලයි සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටී පොලිස් කොස්තාපල්වරයකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටීයදි අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. 05 March 2025
‘කුෂ්‘ සමඟ ඉන්දියානුවා ගුවන්තොටේදී මාට්ටු රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 March 2025
හිලෑ අලියාගේ පහරදීමෙන් ඇත් ගොව්වා මරුට හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. 05 March 2025
අධිවේගී අනතුරින් අයෙක් මරුට:ASP ඇතුළු තිදෙනකුට තුවාල රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 05 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026