
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රජා මූල බැංකු දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා සේවක පාරිභෝගික ණය, සේවක නිවාස ණය, විශේෂ සේවක ණය හා විශේෂ අපදා ණය වශයෙන් ලබාදී තිබූ රුපියල් කෝටි 1290 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම ණය මුදලින් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇතැයිද එහි දැක්වේ.
මේ අතර දෙපාර්තමේන්තුවේ මුදල් අංශය යටතේ ඇති සේවක ණය චක්‍රීය අරමුදලේ 2024 දෙසැම්බර් 31 වනවිට රුපියල් පන්කෝටියට ආසන්න මුදලක් පැවති නමුත් 2020 වසරේ සිට මෙම ක්‍රමය අත්හිටුවා තිබූ බව පැවසේ. මේ අතර සේවකයන්ගෙන් රැස් කර ගන්නා මුදලින් රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර තිබූ බව පවසන විගණන වාර්තාව 2017 සිට 2024 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රකාශ සකස් සකස් කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද සඳහන් කළේය
මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතු බව විගණන කාර්යාලය එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමෘද්ධියේ කෝටි 1290ක් බහිරවයෝ කාලා
Lalla Saturday, 23 August 2025 11:00 AM
සමෘද්ධිය අස්වැසුම වැනි නිකමුන් ප්‍රවර්ධනය රටක වර්ධනය සහමුලින්ම විනාශ කිරීමට හේතුවන බව පේනවා නේද? රටේ බහුතරය නිකමුන් වීම දකින වැඩ කරන ජනතාව කලකිරීමට පත්ව රට හැර යාම නවත්තන්න බෑ. රටට අනාගතය නැතිකරන මෙවැනි ව්‍යාපෘති නතර කළ යුතුයි.
Rata Perata Saturday, 23 August 2025 11:19 AM
රටේ නායකයාගේ ඉඳලා හැම කෙනාම කරලා තියෙන්නේ හොරකම...