
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරු කීපදෙනකු බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි
සජිත් ප්‍රේමදාස මහතා සමග සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නලින් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත එලෙස පැමිණ ඇත
හිටපු ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙයවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය නෝනා යන්නේ නැද්ද? බලන්න...
මේ ඔක්කොම යාලුවෝ මල්ලී.
රට බංකොළොත් කරපු අනිත් අයත් ලෑස්තිවෙලා හිටියොත් හොඳයි...
අපරාදේ බෙදිලා ඉල්ලුව එක කියලා දෙන්නටම දැන් වැටහෙනවා ඇති, ඒක රටේ වාසනාව. හැබැයි ඊයෙ උසාවිය ළඟට සජබේ ලොක්කෝ ගියා නම් රනිල්ගේ කුඩු හමුදාවෙන් ඇතිතරම් කන්න වෙනවා...
ලොක්කගේ ප්‍රෙෂර් නැග්ගද දන්නෑ...
අපේ රටේ ඓතිහාසික වගේම කාලයක් නම්බුකාර දේශපාලන පක්ෂයක් ලෙසට පිළිගෙන තිබුණු එක්සත් ජාතික පක්ෂය බලයට ඇති කෑදරකම නිසා නැත්තටම නැතිකලේ කවුද එතකොට ...?
සජිත්ට අගමැතිනොවී ජනාධිපති වෙන්න කියලා ඔලුවෙන් එවපු කෙනා ඇතුලු 15 ක කල්ලිය සමග ගියපු හැමදාම පරාජයට පත්වෙන තිත්ත නිසා තමයි ඔය දේ සිද්ධවුනේ... බෙදීගියොත් සුන්වෙනවා කියලා නොදන්නා තිත්තයින් මැල්ලුම නිසා ඌරෝ කැකුන තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් වගේ එවුන්ට බලය ලැබුණා.. එහෙම වුනෙත් වැඩි ඡන්දේ විපක්ෂය ලබද්දි ඒ නිසා දැන්වත් රනිල්ට නායකත්වය දීලා සජිත්ට නියෝජ්‍ය දීලා සියලුම දෙනා (ආණ්ඩුව හැර අනෙක් ඔක්කොමලා) එකතු වෙයල්ලා...
එතකොට සජබ බලන්නෙ කවුද?
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? නයි මුගටි වගේ හිටියේ...?
ලංකාව කියන්නේ ගොබ්බයන්ට ගිය රටක් දැන් ...