කටුකැලියාවේ රක්ෂිතයක් වැනසූ දෙදෙනකු අල්ලයි
අනුරාධපුර කටුකැලියාව ගල්පොත්තේගම ප්රදේශයේ, යෝජිත රක්ෂිතයක් වන කටුගම්පලයාගම රක්ෂිතයේ තිබූ විශාල ප්රමාණයේ ගස් කපා දමමින් මොරගොල්ලාගම වැව් රක්ෂිතයට ඇතුළු වෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු, බැකෝ යන්ත්රයක්, ට්රැක්ටරයක් සහ කපා දමා තිබූ විශාල ප්රමාණයේ ගස් සහ කදන් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.