
(අංජුල මහික වීරරත්න)
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
ජනාධිපති අරමුදලෙන් මෙම ඇගැයුම් ලබාදෙයි.
මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි. මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.
එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.



2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ රාජ්‍ය දේපොළ මිනිසුන් උදෙසා යෙදවීමයි‘‘
ජිල්බු Saturday, 23 August 2025 07:07 PM
මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.
ජිල්බු Saturday, 23 August 2025 07:07 PM
මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.
Allewela Gamage Saturday, 23 August 2025 07:34 PM
කොළු කතා නායක...
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 23 August 2025 08:05 PM
කොල්ලෝ බලාගෙනයි ඔය සහතික පත්‍ර ගන්නේ, ඕවා අස්සේ පොළොන්නරුවේ කෙනෙකුගේ ලිපිනය තියෙන්න පුළුවන්! වහාම ඇවිත් පොළොන්නරුවේදී හෝ ලෝරිස් පාරේදී හමුවන්න කියලා !
PGPThilak Saturday, 23 August 2025 08:20 PM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙතෙක් පත්වූ හොඳම කථානායක ජගත් වික්‍රමරත්න!
Cham Sunday, 24 August 2025 02:17 PM
කොල්ලන්ට ගහන්නේ, රාජ්‍ය දේපළ පොදු යහපත සදහාද?