
(අංජුල මහික වීරරත්න)
රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල,ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති නවීන් දිසානායක මහත්වරු ඇතුළු එජාප නායකයෝ මීට සහභාගී වූහ.
එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් තණ්හාවෙන්ද කියලා අපට ප්‍රශ්න කරන්නට සිදුවෙනවා.රනිල් යනු මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතේ ජීවය දුන් නායකයා.කවුරුත් රටේ අභියෝගය භාර නොගත් මොහොතේ රනිල් වික්‍රමසිංහ නිර්භයව ඉදිරිපත් වී රටේ ජනතාව ජීවත් කළා.වර්තමානයේ අද රට පවතින තත්ත්වයට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
එතුමා එදා අගමැති ලෙස කටයුතු කරද්දීත් එතුමාගේ නිවස පුච්චා දැමුවා.ඒත් එතුමා බය වුණේ නෑ. ඒ කාරණා වලටත් මුහුණ දීගෙන මේ රටේ ආර්ථිකය හැදුවා.එවැනි පුද්ගලයෙක්ට මෙවැනි දෙයක් වීම ගැන ඇත්තටම අප කනගාටු වෙනවා.
අප අධිකරණයට ගරු කරනවා. නමුත් සමහර යූටියුබ් චරිත අධිකරණ තීන්දුව කලින් කියනකොට ඒ ගැන බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා.මේ ඔක්කොම දැන් දේශපාලනීකරණය වෙලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්.
එදා අරගලකරුවන් කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවයි. ඒ අරගලකරුවන් බලාපොරොත්තු වුණේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක්ද?මෙහෙම ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ මොකක්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඔයාලගේ මතේ. අපේ මතේ ඊට වෙනස්..
ජනතාව මහ පාරට වැටෙන තැනට ඇදලා දැම්මේ,මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කෙරුවේ දූෂිත දේසපාලුවෝ මිස වෙන කවුරුත් නෙවෙයි .
අනේ නිකං බබා වගේ කතාකරන්නේ රනිල්ගේ පැටිකිරිය දන්නේ නැද්ද? නැත්නං බංකුවක් අරගෙන ඇවිත් ඉඳගන්න. එයාගේ කෙරුවාව මුල ඉඳලා අගටම කියා දෙන්නම්...