IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අධිකරණ තීන්දු කලින් කීම උත්තරීතර නීතියට කළ අපහාසයක්

(අංජුල මහික වීරරත්න)

ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

යුක්තිය පසිදලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

එවැනි උත්තරීතර නීතියට පරිබාහිර තුන්වැනි පාර්ශ්වයක් සමාජ ජාලා හරහා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පූර්වයෙන් අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් බවද ප්‍රේමදාස මහතා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට නම් රටක ජනතාව යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියා විශ්වාස කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සමාජ මාධ්‍ය ජාලා වල පුද්ගලයකු මේ සිදුවීම සිදුවන ආකාරය ගැන පෙර සිටම ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එය අධිකරණයට, උත්තරීතර නීතියට කරන අපහාසයක් සහ මේ ක්‍රියාදාමයේ නියැලී සිටින සියලු දෙනාට කරන අභියෝගයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක් එල්ල කිරීමක් බව පැවසීය.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සහ නිතියේ ආධිපත්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් බැවින් මෙය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු වුවත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණ තීන්දුවක් පූර්වයෙන් සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයකු ප්‍රකාශයට පත් කිරීම ගරු අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක් කිරීමක් බවත් මේ ගැන ස්වාධීන අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 



අදහස් (12)

අධිකරණ තීන්දු කලින් කීම උත්තරීතර නීතියට කළ අපහාසයක්

විපරමා Saturday, 23 August 2025 03:23 PM

අදිකරණයට අපහාස කරපු, වරෙන්තු නිකුත් කළාම හැන්ගිලා ඉන්න අය රටේ නැතුවටද? සමාජ මාද්‍ය වල දූෂිත දේසපාලුවන් වෙනුවෙන් පෙනී සිටින බොරුව සමාජගත කරන අයත් ඕන හැටියේ?

:       98       23

රිස්වාන් Saturday, 23 August 2025 04:09 PM

කලින් අය කරපු වැරදි නොකරන්න පොරොන්දු වෙලා නේද මාලිමාව බලයට ආවේ? අනුරට රෙදි නැතුව කඩේ යන යූටියුබ්කාරයින්වත් ඔය ඩෝබි දැන් හෝදනවද?

:       7       92

saman Saturday, 23 August 2025 03:31 PM

මෙතුමා නම් කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ... රනිල්ව හිරකළේ මිනිස්සුන්ගේ සල්ලි ගසාකාපු හන්දා කියන එක... මෙයාට තේරෙන්නේ නැති හැටි...

:       90       48

ගුණරත්නSaturday, 23 August 2025 04:14 PM

රනිල් සල්ලි ගසා කාපු හැටි පැහැදිළි කරන්න. ඔය කාලේ රනිල් ලංකාවේ ජනාධිපති. එහෙම තනතුරක ඉන්න අයෙක්ට පෞද්ගලික සංචාර කියලා දෙයක් නැහැ. මොකද ආරක්ෂාව සම්බන්ධ නිසා, රටේ නායකයා නිසා. එහෙම කෙනෙකුට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැලසීම රටේ ආණ්ඩුවේ වගකීමක්. ඔය මිලියන 16 කියන්නේ රනිල්ට තනියම ඉන්න වියදම් කරපු මුදල නොවෙයි. ජනාධිපති සහ කාර්යමණ්ඩලය සඳහා කල වියදම. ඊළඟට සංචාරයට ගියේ නිව්යෝක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුවට. නිව්යෝක් ගියොත් ලංකාවට එන්න කෙලින්ම ගුවන්යානා නැහැ, කුලියට අරන් එන්න පුළුවන් වුනත් වියදම අධිකයි, ඉතින් සාමාන්‍ය මගී ගුවන්යානයක ලන්ඩනය හරහා ආවා, ඒ අතරේ ජනාධිපති ආර්යාවට ලැබී තිබුණු ආරාධනාවක් අනුව අදාළ උත්සවයකට සහභාගී වෙලා තිබෙනවා. දැන් මෙතැන මොකක්ද වුණු දූෂණ...?

:       11       94

පොඩිඑකාSaturday, 23 August 2025 07:30 PM

මන්ද මානසික ගුණයා ආයේමත් නැට්ට විකාගෙන. වෙනදා වගේම අඩුගානේ චෝදනාව වත් හරියට කියවලා නෑ...!

:       27       9

Sunil Saturday, 23 August 2025 03:45 PM

දැන් මම කියනවා බටලන්දේ නඩුවෙන් අනිවාර්යයෙන්ම රනිල් ජීවිතාන්තයටම හිරේ යනවා කියලා. පුතානෝ..ඔයාගේ පියානෝ හිටියානම් ඔයටිකම තමයි වෙන්නේ...

:       60       12

වින්සන්ට් කජ්ජා Saturday, 23 August 2025 04:04 PM

රටේ ඉහළම අධිකරණය වැරැදිකාරයෙක් කරපු මිනිහෙක්ට පොලිස්පතිකම දීම, අධිකරණයට ගරු කිරීමක් වෙන්ටෑ...

:       55       14

කපුරුහාමි Saturday, 23 August 2025 04:26 PM

ළාමක ටින් ටින්ට සාමාන්‍ය දැනුමවත් නැතුවා. කරුණු කාරනා සියල්ලක්ම ඉතාම හොන්දින් විමර්ශනය කර, විනිසුරුවන් විසින් ගනු ලැබූ අදිකරණ තීන්දුවක් මිස කාගේවත් අනාවැකි වලට ගත් තීන්දුවක් නොවන බව ඉතාම පැහැදිලියි..

:       80       16

Srinath Saturday, 23 August 2025 04:51 PM

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු පාර්ලිමේන්තු ඉඳලා කිව්වා, හෙට ගන්නේ කවුද? ඊළඟ සුමානේ ගන්නේ කවුද කියලා... දැන් මුකුත් මතක නෑ....

:       83       56

saman Saturday, 23 August 2025 05:16 PM

රනිල්ගේ සිරගතවීම යනු සජිත්ට දේශපාලන ලකුණු දමාගැනීමට අවස්තාවක් නොවේ...

:       32       8

Deepthi de Silva Saturday, 23 August 2025 06:47 PM

රනිල්ට එරෙහි නඩුවේ තීන්දුව ගැන පුරෝකථනය කරන්න තිබුනේ හැකියාවන් දෙකක් පමණයි. රිමාන්ඩ් කිරීම එකක්. අනෙක ඇප ලබාදීම. ඒක යූ ටියුබ් කාරයෙක් රුමාන්ඩ් කරාවි කියනකොට තව බොහෝ අය කිව්වේ ඇප ලැබේවි කියලයි. එතකොට ඇප ලැබුණා නම් ඒකත් අවුල් වෙන්න ඕන නේද? මෙතැන ප්‍රශ්නය වන්නේ සමාජ මාධ්‍ය තුළ සදාචාරයක් ගොඩ නැංවීමට නොහැකිවීමයි. දැන් ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම හිතලුවක් සමාජගත කරන්න පුළුවන්. ජනතාවත් ඒ හිතළු අහන්න කැමැතියි. මෙයින් අධිකරණයට බලපෑමක් වෙනවායි කියන එක ඉතා ප්‍රාථමික අදහසක්. සජිත් වගේ කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       35       9

Perera Saturday, 23 August 2025 07:03 PM

තමුන්වත් නුදුරු අනාගතයේ අත්අඩංගුවට පත්වෙයි. නිධන් හාරපු ඒවා ගැන. මේකත් නීතියට අපහාසයක්ද? අනේ නිකන් යන්න සජියෝ යන්න.

:       17       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site