ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව වවුනියාව රෝහල පවසයි. 26 December 2024
’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය. 26 December 2024
අනවසර විදුලි රැහැනේ පැටලී මරුට කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 26 December 2024
සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. 26 December 2024
අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ. 26 December 2024
රිය අනතුරින් සිඟිත්තිය මරුට යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පියා සහෝදරිය අැතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 26 December 2024
අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි. 26 December 2024
’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’ අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍රමයක් ආණ්ඩුව සකස් කර නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැවසීය. 26 December 2024
ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක් ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය. 26 December 2024
රූපවාහිනියේ අලුත් සභාපති වැඩ බාර ගනී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය 26 December 2024
‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක් ‘අස්වැසුම’ ප්රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය. 26 December 2024
සෞඛ්‍ය ඇමති නෙවිල් ප්‍රනාන්දු රෝහල බලන්න යයි මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට අතිශය ඵලදායී ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 December 2024
සුළු හා මාධ්‍ය ව්‍යාපාරවලට තවත් මාස 9 ක සහනයක් ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්රමුඛ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය. 26 December 2024
සොර කල්ලියක් ගලහදී අත්අඩංගුට රටවටේ මහා පරිමාණයෙන් ව්‍යාපාරික ස්ථාන හා ගෙවල් බිදීම් ඇතුළු වී මහා පරිමාණයෙන් සොරකම් රැසක් සිදුකල සොර කල්ලියක් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලීසිය සමත් වී ඇත. 26 December 2024
ජනපති හමුවෙන්න ඕනෑ කියා කලබල කළ අයෙක් අත්අඩංගුවට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 26 December 2024
ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙවර නත්තලේදී ගසක් ඇමෙරිකානු ඩොලර් 80-100 ( ශ්‍රී ලංකා රුපියල් 25,000 ක පමණ) ත් අතර මිලකට අලෙවි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 December 2024
ඇල්පිටියේ පුංචි මෙම්බර්ලාත් වියදම් වාර්තා හංගලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියයකට වැඩි පිරිසක් වියදම් වාර්තා තවමත් ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය 26 December 2024
අරගලයෙන් පසු 6000ක් දේශපාලනයෙන් සමු අරන් අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 26 December 2024
හොර නෝට්ටු මාරු කරන්න ගිය සිසුන් දෙන්නා මාට්ටු රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් මුද්‍රණය කර එය සූක්ෂම ලෙස සකසා මාරු කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (25 ) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පොලිසිය පවසයි 26 December 2024
සමහර ඇමතිවරුන්ට ජනපති අරමුදලින් සල්ලි දුන්නු එක පිනක් ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. 26 December 2024
සහල් ආනයනයනට අවසරදීම දීර්ඝ කෙරෙන ගැසට්ටුව නිකුත් කරයි සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. 26 December 2024
සී.අයි.ඩී පාට් දමා බීර කෑන් කොල්ල කාලා උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 26 December 2024
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත. 26 December 2024
වලං සෝදන්න ගඟට ගිය කත කිඹුලෙක් ඩැහැගනියි කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි. 26 December 2024
මෙහෙකරු නිවෙස් හිමිකාරිනියගේ රියට යට වී මරුට නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 26 December 2024
පැරණි ආරවුල දුරදිග ගිහින් පිහියෙන් ඇනලා මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් ගැන තුවාල සිදුකළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මත පෙරේදා (25) පුද්ගලයෙකුට පිහියෙන් යන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි. 26 December 2024
බඳින තුවක්කුව පත්තු වී අයෙක් මරුට නාඋල - අඹ ගහදෙවොල නැමති රක්ෂිතයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පත්තුවි ඊයේ (25) පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 26 December 2024
හබරණ මහ කැලේ මැද ගිනිගත් රියේ මළ සිරුරක් හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි. 26 December 2024
විගණනයේ පුටු බාගයට බාගයක් හිස් රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 26 December 2024
අද වැස්ස නැති දවසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025