IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රෝහල් විස්සකට අලුත් ගිලන් රථ

(අංජුල මහික වීරරත්න)

රෝහල් පද්ධතියේ භෞතික සම්පත්  ඉහළ නැංවීම සඳහා  අති නවීන තාක්ෂණයෙන් යුත්  ගිලන් රථ 20ක්  රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින (25) සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝ‍හල් සදහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වේ.

මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර ද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව පවතී.

ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා  ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන  මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන  ගිලන් රථ 20 බෙදා දෙන ලදී.



අදහස් (2)

රෝහල් විස්සකට අලුත් ගිලන් රථ

Nishan Tuesday, 26 August 2025 04:58 AM

මේවා ගිය ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරලා ගෙන්නපුවා. දැන් ලංකාවේ ග්‍රාමීය රෝහල්වල, සායනවල බෙහෙත් නෑ.

:       0       0

maalaka Tuesday, 26 August 2025 10:55 AM

ඇත්තෙන්ම සතුටුයි. මහජනතාවට මෙවැනි ප්‍රතිලාභ ලැබෙනවිට, ගෙවන බදු වලට සාධාරණයක් වන බව ඔවුන්ට විශ්වාසයයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 472 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16998 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site