IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


’’ජාතික නීති සම්මන්ත්‍රණය’’ නොවැම්බර් 14 සිට දින 03ක්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තරුණ නීතිඥ කමිටුව සංවිධානය කරන "ජාතික නීති සම්මන්ත්‍රණය" "නීතිඥ වෘත්තිය ඉහළට ඔසවමු" ("Raise the Bar") යන මැයෙන් 2025 නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී මීගමුවේදී පැවැත්වෙන බව එම කමිටුවේ කැදවුම්කරු නීතිඥ සංජය මාරඹේ  මහතා පවසීය.

සමාජ ප්‍රගමනයට (System change) තරුණ නීතීඥවරුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ලබා ගැනීමේ අරමුණින් හා තරුණ නීතිඥවරුන් වෘත්තීය වශයෙන් විශිෂ්ටත්වය කරා ගෙනයාමට  නීති සම්මන්ත්‍රණය පවත්වා ප්‍රායෝගික මෙන්ම තාර්කික දැනුම සහිත අංග සම්පූර්ණ පුහුණුවක් තරුණ  නීතිඥයින්ට ලබා දීමට කටයුතු කරන බවද මාරඹේ  මහතා පැවසීය.

නීතිඥ සංජය මාරඹේ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා 31.3% ක් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දී පත්වීම් ලබන නීතිඥවරුන්ගෙන්   සියයට හැත්තෑවක් කාන්තාවන්.

අධ්‍යාපන කටයුතුවලදී හා වෘත්තීයන්ට පිවිසීමේදී වැඩි කාන්තා සහභාගිත්වයක් පෙන්නුම් කළද ප්‍රායෝගිකව නීති වෘත්තියේ නියැළීමේදී මෙම කාන්තා නියෝජනය  දක්නට නැහැ.

රට තුළ පවතින මෙම රැකියා නියුක්ති අසමතුලිතතාවය මැඩ පැවැත්වීමට කනිෂ්ඨ ජාතික නීති සම්මන්ත්‍රණය තුළින් අපේක්ෂා කරනවා.

මෙම සම්මන්ත්‍රණය සඳහා පෞද්ගලිකව වෘත්තියේ යෙදෙන තරුණ නීතිඥවරුන්ගේ, රජයේ නීතිඥයින්ගේ, විනිසුරුවන්ගේ, විද්වතුන් සහ ආයතනික නීතිඥයින් දක්වා නීති ක්ෂේත්‍රයේ සෑම අංශයකම සිටින කනිෂ්ඨ නීතිඥ  සාමාජිකයින් සම්බන්ධ කෙරෙනවා.

2021 දී නීතිඥ මණ්ඩලයට එක්වූවන්ගෙන් 70% කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්.ඒහෙත් මේ පිරිස අද අධිකරණය තුළ දකින්නේ නැහැ.

ඒ වගේම තම නඩුවට නීතිඥවරයකුගේ සේවය ලබා ගැනීමට නොහැකි පුද්ගලයින්ගේ නඩු 35000 ක් අධිකරණය ඉදිරියේ තිබෙනවා. එම පිරිසට  නීතිමය සහාය ලබාදීම සම්බන්ධයෙන්  තරුණ නීතිඥයින් උනන්දු කරවීමට අපේක්ෂා කරනවා.

නීති ආධාර සේවාව පුණ්‍ය කටයුත්තක් නොව, වෘත්තීය යුතුකමක් බව තරුණ නීතිඥවරුන් නිරන්තරයෙන් සිහි තබා ගත යුතුයි.  මහජන යහපතට සේවය කරනවා පමණක් නොව නීතිඥයින් ලෙස තරුණයන්ගේම දැනුම හා හැකියාව වර්ධනය ශක්තිමත් කරන ක්‍රියාවලියක් බවට පත්කර ගත යුතුයි.

මෙම කරුනු 2025 කණිශ්ඨ නීති සම්මන්ත්‍රණයේ පදනම ලෙස පිහිටුවා ක්‍රියාත්මක කරන බවත් වැඩසටහන පුරා සහ ඉන් ඔබ්බටත් මෙම ප්‍රායෝගික පුහුණුව විහිදී යන බවත් සදහන් කෙරිනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, කණිශ්ඨ නීති කමිටුවේ සභාපති තිෂ්‍ය වේරගොඩ, සම්මන්ත්‍රණයේ සභාපති රුවේන් වීරසිංහ ලේකම් ඇන්ඩ්‍රියා විජේවංශ හා සංවිධායක මඩුල්ල මෙහිදී අදහස් දක්වන ලදී.



අදහස් (1)

’’ජාතික නීති සම්මන්ත්‍රණය’’ නොවැම්බර් 14 සිට දින 03ක්

කපුරුහාමි Monday, 25 August 2025 05:02 PM

හොර පෙරකදෝරුවාටත් ආරාධනා කරනවා නම් තමා හොද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 473 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16998 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site