සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි. 28 December 2024
ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 28 December 2024
ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක් මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැලැක්වීම සඳහා වහා පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක අද (28) බලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 December 2024
මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටුමකට මුල පුරන තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තාවේ. 28 December 2024
ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලෝචන ගමගේ මහතා සහ තවත ව්‍යාපාරිකයෙකු ලබන වසරේ ජනවාරි මස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංග සිංහ මහතා නියම කළේය. 28 December 2024
පෙබරවාරි 15ට පෙර වත්කම් කියන්න ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. 28 December 2024
නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. 28 December 2024
නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 28 December 2024
ඉන්ධන බවුසර්වලින් ඉන්ධන ඇද හොරට විකුණලා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු , සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 28 December 2024
ආචාර්ය හුටපටයට මැති සබේ දෙකක් සී.අයි.ඩියේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ නිරත පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් අද (27) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 28 December 2024
ලක්ෂ අනූවක් අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා මාට්ටු නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු හා ඔහුගේ මිතුරෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 28 December 2024
මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 28 December 2024
අදත් තැනින් තැනට වැසි උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 December 2024
යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යේමනයෙන් පිටත්වීම සඳහා එරට අගනුවර වූ සනාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඊශ්‍රායල හමුදා ගුවන් තොටුපොළට බෝම්බ හෙළා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මාධ්‍ය ප්රකාශකයෙක නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. 28 December 2024
රෝහල්වල විකිරණ නිලධාරි පුටු බාගෙට බාගයක් හිස් දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 27 December 2024
ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි 27 December 2024
මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (27) හමුවිය. 27 December 2024
හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි. 27 December 2024
විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය 27 December 2024
කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ් ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27) නියෝග කළේය. 27 December 2024
පාස්පෝට් කාර්යාලයේ ගිනි නිවන්න පෙරහුරුවක් හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ පැවැත්වණි. 27 December 2024
පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවතාවත් පවත්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. 27 December 2024
අස්වැසුම හිඟ මුදල් අද සිට බැංකුවලින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 27 December 2024
චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී අද (27) ආරම්භ කළේය. 27 December 2024
චීන වෙද නැවට සුව ඇමතිත් යයි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 27 December 2024
පෞද්ගලික අංශය සහල් ටොන් 72,000ක් ගෙන්වයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 27 December 2024
ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය. 27 December 2024
ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 December 2024
කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි. 27 December 2024
ජනපති මන් මෝහන් සිං ට සොව පළ කරයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. 27 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025