IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වැලිකඩ බන්ධනාගාර ඉඩමත් මුලින් රනිල්ලාගේ

(අංජුල මහික වීරරත්න)

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය.

ඒ කාරණය ඔප්පු කිරීම සඳහා වන පත් ඉරු සටහන් තමා සතුව පවතින බව කී වජිර  අබේවර්ධන මහතා අදාල කාරණය තහවුරු කෙරෙන ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. 

"රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අරගෙන ගියේ එතුමාගේ පරපුරට එනම් එතුමාගේ මිත්තණියට අයත් අක්කර 43ක් වූ වැලිකඩ භූමියටයි.මෙම භූමියේත් මුල් අයිතිකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ උදවියයි.ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්.

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ පත්තිරු සටහන් සියල්ල මගේ ළඟ තියෙනවා. එවැනි පරපුරක සාමාජිකයකුට මේ මුහුණදීමට සිදුවූයේ මහා ඛේදජනක හැසිරීමකට බව කිව යුතුයි" යනුවෙන්ද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ සහ උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (25)

වැලිකඩ බන්ධනාගාර ඉඩමත් මුලින් රනිල්ලාගේ

සෑම් Wednesday, 27 August 2025 12:13 PM

දැනගත්ත එක හොඳයි, තව නඩු තියනවනේ. අපි එයාට ඉතිරි ජීවිත කාලේම එයාගේ ඉඩමේ ඉන්න හදලා දෙන්නම්

:       9       38

Shantha - Qatar Wednesday, 27 August 2025 12:17 PM

ඇයි, මෙහෙම ගොන් කතා කියන්නේ. එහෙම නම් ඉස්සර ගිහින් බලන්න තිබුණානේ තමන්ගේ ඉඩ කඩම්.

:       6       27

maalaka Wednesday, 27 August 2025 12:19 PM

මගේ ආච්චි ටත් අයිතියි . ඉතින් මොකද

:       5       28

ප්‍රියන්ත Wednesday, 27 August 2025 12:27 PM

මිනිහා මුලු පරම්පරාවේම මූනේ දැලි ගෑවා!

:       17       63

SimiyonWednesday, 27 August 2025 01:46 PM

ඒ කාලේ ලොකු වික්‍රමසිංහ කරපු අපරාධයක් නිසා, මේක රාජසන්තක කරපු ඉඩමක් වෙන්න පුළුවන්,

:       9       27

සූර් පියාWednesday, 27 August 2025 02:12 PM

අපි ඒක ‘රනිල් වික්‍රමසිංහගේ ආච්චි අනුස්මරන බන්ධනාගාරය’ කියල නම් කරමුද.

:       6       25

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 27 August 2025 12:31 PM

ඉතිං අපි ඔක්කොම එකතුවෙලා රනිල්ව ජිවිතකාලයටම මුල් ඉඩමේ පදිංචි කරවමු. සතුටු වෙයල්ලා... ඉරිසියාව අත ඇරපල්ලා...

:       16       66

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 27 August 2025 01:03 PM

ඒ වගේම අනුරත් ඉක්මනටම ඒ ඉඩමෙම පදිංචියට යයි. රනිල්ගෙ ගෝලයනෙ, දැන් මූසිලයෙක් උනාට

:       33       16

ලූට මූස් Wednesday, 27 August 2025 12:33 PM

ජීවිතේ අවසාන කාලෙ තමන්ගෙම තැනක ගෙවන්න ලැබෙන්න පිං කරල තියෙන්න ඕන ආයිබොවන්ඩ.

:       10       53

රම්සි Wednesday, 27 August 2025 12:34 PM

අදාල නැත, මෙයාට නට් ලූස්ද?

:       3       40

Perera Wednesday, 27 August 2025 12:35 PM

එහෙමනම් ඉතින් ගෙදර වගේ ඇතිනේ

:       7       42

ඉබ්සන් Wednesday, 27 August 2025 12:36 PM

මදෑ, මුණුබුරා ගැරැවෙ ආච්චිට හාල්!

:       8       46

පූසා කෑවෝ Wednesday, 27 August 2025 12:40 PM

ඉතිං ඉඩමෙ අයිතිකාරය නම් සද්ද නැතුව ඉඩම බලාගෙන් වැලිකඩට වෙලා ඉන්න කියන්න. ඕන නම් පවුලෙ අයවත් එක්ක යන්න කියන්න.

:       2       19

සෙනෙවිරත්න Wednesday, 27 August 2025 12:45 PM

ඕව කිව්වට වැඩක් නැහැ, ඒවට ගෙවපු හැටිත් හොයන්න ඕනද, අදාළ දේ කතා කරන්න. දරුව වැල් පාලමේ, ලෑලි ගැලවිල, දෙපයට යකඩ ගැට ගහල ඉදිරිය අමාරුයි කියපු මිනිහද දවස් එකහමාරට කෝටි එකහමාරක් ගිල්ලෙ,

:       2       17

පෙරේරා නුවර Wednesday, 27 August 2025 12:55 PM

මෙම COMMENTS දාපු නුවනක්කාරයන්ගෙන්ම පේනවනෙ ..ඥානවන්ත කමේ තරම..මේ තමයි අනාගතයෙ රට බාර ගන්න ඉන්න උගත් පරපුර...මගේ රටට දෙවියන්ගේම පිහිටයි..හරිම කනගාටුදායකයි..

:       14       4

ගමේ එකාලා Wednesday, 27 August 2025 12:56 PM

පරම්පරාවට අයිති මුල් ඉඩම් නම් තවත් හොඳා ? .ඉදිරි කාලේ එහෙටම වෙලා ඉන්ඩ පුලුවන් නේ?

:       4       19

AMILA Wednesday, 27 August 2025 01:00 PM

මට දැනගන්න ඕනේ ඔය ඉඩම එයාල පිනට දීපු එකක් ද කියල. අනික නඩුවකට බන්දනාගර ගත කරන එකයි, බන්දනගර ඉඩමේ අයිතියි අතර සම්බන්දෙ මොකද්ද? තමන්ගේ වෙලාව නාස්ති කරගෙන ඔය වගේ ගොන් කතා අහන්න යන්න ඕනෙද ?

:       8       21

පොඩිඑකාWednesday, 27 August 2025 02:09 PM

අමිල, ගොන්නු ගොං කතා නොකිය බණ කතා කියන්නයැ.

:       0       13

අරවින්ද මොණරවිල Wednesday, 27 August 2025 01:21 PM

මිනිහා කාලයක ඉදලා වැලිකඩ යන්න දැගලුවේ ඒක තමයි, මුල් උරුමය හොයාගන්න හිතාගෙන වෙන්න ඇති.

:       8       20

Ruwan Wednesday, 27 August 2025 01:59 PM

මේ මිනිහත් කාලෙක ඉඳන් වළිගේ පැගිලා වගේ. පන්සලක බෝධි ප්‍රකාරයක් විවෘර්ත කරන්න ගියත් බහුභූත කියවන්නේ. තැනට ගලපෙනවා වචනයක් කියාගන්න බැරි. මේ අද රට කොරන්න ඉල්ලන්නේ? ලංකාවටත් දෙවියන්ගෙ පිහිටයි!!!

:       0       17

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 27 August 2025 02:03 PM

දැන්වීමයි. තව හොරිකඩයෙක් අපේ සමාගම නමින් මෙහි අදහස් පලකරන අතර මෙවැනි වංචනිකයින්ට අසුනොවන ලෙස අපගේ ඩෝබි සමාගමේ ගණුදෙනුකාර භවතුන්ට කාරුණිකව දැනුම් දෙමු. මීට යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගමේ අධ්‍යක්ෂ දෙපල

:       1       14

පොඩිඑකාWednesday, 27 August 2025 05:33 PM

ඒක මටත් තේරුණා. ඔබ යෙදූ ආමන්ත්‍රණය හරියටම හරි. ඔවුන්ගේ මහ එවුන්ගේ සිටම පුරුද්ද හොරිකඩකම් කිරීමයි.

:       1       7

පිටරැටියා Wednesday, 27 August 2025 03:30 PM

මොලේ උඩ ඉන්න, දූෂිත දේසපාලුවන් කියන ගොන් කතා වලට අපිට නම් දෙකොනින්ම හිනා යනවා?

:       0       12

ගුණරත්න Wednesday, 27 August 2025 06:10 PM

ජවිපෙ අය කරපු දේවල්, රටට දීපු දේවල් මොනවාද කියලා ඇහැව්වොත්,පෙන්වන්න වෙන්නේ මිනී මැරුම්, වර්ජන, රාජ්‍ය දේපල ගිනිතබපු හැටි වගේ වැඩ ටිකක් තමයි

:       12       3

Chathuri Thursday, 28 August 2025 06:37 AM

මේවගෙ අයනේ පාර්ලිමේන්තුවේ හිටියේ. මිත්තනිය දන්නවා පොඩිකාලේම මෙයා කවදා හරි හිරේ යනවා. රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල් හොරාකාලා. ඒ නිසා මගේ අතින් වැලිකඩ හිරගේ හදන්න ඉඩම දෙනවා කියපු ලිපිය මගේ ලග තියෙනවා. ඒකේ මෙහමත් තියෙනවා. ඇසුරු කරන්නේ නූගත් රෑනක්... ඒ අයත් එක්ක එකතු වෙලා රට විනාශ මුකයට අරන් යනවා. ඔක්කෝම කවදා හරි මේ හිර ගෙදරට එනවා කියලා. ඉතින් ඒ ලිපිය හෙට කටුගෙට බාර දෙනවා මම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16931 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site