(මනෝප්‍රිය ගුණසේකර)
පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණීල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද වැඩිදුරටත් නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය.
එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කැඳවන අවස්ථාව වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මහා මාර්ග උවහිර වන අන්දමට විවිධ පුද්ගලයින් රැස්කරවීමට සංවිධාත්මක පිරිසක් කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල්ගේ පැමිණිල්ල විභාග වෙද්දී පාරවල් වැහූ අය අධිකරණයට ගේන්නැයි නියෝගයක්
කතෝනිස් Tuesday, 26 August 2025 11:08 PM
ජනමතය අධිකරණය දේශපාලනය පලිගැනිම්වලට අධිකරණය බාල්දූ නොකරණූ. අධිකරණයට නඩත්තූවන්නේ මහජන බදූමූදලිනි. මහජනයා පෙලන්කට වෑයම් නොකරනූ. නිදහසට ඇගිලි නොගසනූ.
නොදනී Wednesday, 27 August 2025 06:50 AM
පාරවල් වැහුවෙ නම් පොලීසිය, ඔන්න කරනවනම් වැඩ...... මිනිස්සු පාර දිහේ ආව විතරයි.. පාර තියෙන්නෙ ගමනා ගමනයට....
Nishan Wednesday, 27 August 2025 08:36 AM
රටෙන් බාගයක් රිමාන්ඩ් කරන සයිස් එකක් තියෙන්නේ. එතකොට ඒ රිමාන්ඩ් කරන අයව නඩත්තු කරන්නේ පැලවත්තේ අරමුදලෙන්ද?
කෞෂිWednesday, 27 August 2025 11:17 AM
රටෙන් බාගයක් කිව්වේ 200කට විතරද :)
චානික Wednesday, 27 August 2025 12:52 PM
@nishan රටෙන් බාගයක් නෙමෙයි නේද , 100 ක් විතර ඇවිල්ල හිටිය කෑගහන්න, ඕක තමයි පොදු විපක්ෂෙට ඊළඟ මැතිවරනේදී කොලබින් ලැබෙන චන්ද ටික
වින්සන්ට් කජ්ජා Wednesday, 27 August 2025 09:19 AM
නියමායි!
අරවින්ද මොණරවිල Wednesday, 27 August 2025 10:28 AM
දඩාවතේ යන සුනඛයන් අල්ලා කූඩු කරන්න කොළඹ මහ නගර සභාව සහ පොලිසිය කටයුතු කල යුතුයි, එහෙම නැත්නම් ඒක සාමාන්‍ය ජනතාවට කරදරයක් වෙනවා ඇත.
අරවින්ද මොණරවිල Wednesday, 27 August 2025 11:25 AM
මේ රටේ මුළු ජනගහනය පන්සීයකට අඩුයි කියලා හිතාගෙන ඉන්න පොහොට්ටු සජබ අලි හවුලේ අනුගාමිකයන්ට අබ සරණයි !
සෙනෙවිරත්න Wednesday, 27 August 2025 12:52 PM
රටෙන් බාගයක් ? හිනාවෙන කතා කියනවනෙ, පව් විපක්ෂයට පනහක්වත් එකතුකරගන්න බැරි උනා, මැදකොළඹ සෙට් එකයි පිපිස්සුගෑනියෙකුයි රඟනව දැක්ක. රටේ ජනතාව හොරුන් රකින්න එන්නෙ නැහැ.
සෙනෙවිරත්න Wednesday, 27 August 2025 12:53 PM
ලෙඩදුක් නිසා ඇප ලබාදුන් රනිල් ලෙස සමහර මාධ්‍ය වල ඉතා නෝන්ඩි ආකාරයට මෙය වාර්තා කර තිබුනි.
සෙනෙවිරත්න Wednesday, 27 August 2025 12:55 PM
තනියෙන් නඩු පලයල්ල , ඔවට අහු උනාම ප්‍රභූපන්තිය එන්නෙ නැහැ උඹල වෙනුවෙන්. ඒක නිසා මම නිර්ප්‍රභූ පන්තියට කියන්නෙ ඔය වැරදි වරඩ වලට යන්න එපා කියල