IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීනය එක්ක කෘෂිකර්ම සහයෝගීතා ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ කෙසෙල්, අඹ සහ අන්නාසි අගය දාමයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව ' මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු - දකුණු සහයෝගිතාව යටතේ තාක්ෂණික සහාය ' ව්‍යාපෘතිය කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

චීන නිර්වර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය විසින් තාක්ෂණික සහාය ලබා දුන් මෙම ව්‍යාපෘතිය මඟින් පළතුරු වගා ක්ෂේත්‍රයෙහි අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි, රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවිය හැකි, පසු අස්වනු පිළිවෙත් ශක්තිමත් කළ හැකි සහ අගය එකතු කිරීම ප්‍රවර්ධනය කළ හැකි නව්‍ය තාක්ෂණයන් සහ භාවිතයන් හඳුන්වා දෙනු ලැබ තිබේ. එකී ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභ සම්පුර්ණ වශයෙන් සහ තිරසර ලෙස සාක්ෂාත් කර ගත හැකි වන පරිදි, චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සමඟ පවතින සහයෝගීතාව අඛණ්ඩව වර්තමාන ව්‍යාපෘති කාල සීමාවෙන් ඔබ්බට පවත්වාගෙන යාම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය කර ඇත. පවතින පනත් සහ රෙගුලාසි වලට අනුකූලව පළතුරු බෝගවල ජාන ප්ලාස්ම හුවමාරුව, දෙපාර්ශ්වයේම තාක්ෂණික දියුණුවට සහාය වීම සඳහා විද්වතුන් සහ විශේෂඥයින් හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය, නිෂ්පාදකයන්, වෙළෙඳුන් සහ අනෙකුත් අගය දාම ක්‍රියාකාරීන්ගේ ධාරිතා සංවර්ධනයට සහාය වීම සඳහා ද එමඟින් අවස්ථාව සලසා ගැනීමට යෝජිතය.

ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය සහ චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

චීනය එක්ක කෘෂිකර්ම සහයෝගීතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16931 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site