(ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 ) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගුවන් මගීන් කොළඹ , අවිස්සාවේල්ල සහ මට්ටක්කුලිය ප්‍රදේශ වල පදිංච් අවුරුදු 24 , 28 සහ 30 වයස් වල පසුවන්නන් වේ .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 15 ක් තුළ , මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 300,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,503 ක් අත් අඩංගුවට ගෙන තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති .
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විදෙස් දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි
maalaka Wednesday, 27 August 2025 10:18 AM
මගේ අම්මේ. මේච්චරක් ගෙනැල්ලා "කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති" මාවතේ යන්ද
කව්ද බෝයි Wednesday, 27 August 2025 11:59 AM
සිගරට්වලට කථාකරන්න බැරිනිසා "කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මාවතේ" ගියා. එච්චරයි.