(සුජිත් හේවාජුලිගේ)
රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ විට අලුත් කර ගැනීමට වේරහැරට පැමිණීමට සිදුවන හෙයින් එය ජනතාව අපහසුතාවයට පත් කරවන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මාසයක් වැනි කෙටි කාලයකදී මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බවද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රියදුරු බලපත අලුත් කිරීමටත් ’’ඔන්ලයින් ක්‍රමය’’
de silva Wednesday, 27 August 2025 12:54 PM
ඇමතිතුමා අපි සාමාන්‍ය ක්‍රමයට භාර දුන්න රියදුරුබලපත් වැඩ ඉවර වුනත් කිසිම හේතුවක් නැතිව මාස ගණනක් තැපැල් නොකර රියදුරු බලපත් කාර්යාලයේ ගොඩ ගහගෙන ඉන්නවා , කරුණාකර ජුලි මස දක්වා භාර රියදුරු බලපත් සියල්ල අගෝස්තු ඉවර වෙන්න කලින් තැපැල් කරන්න කියල නියෝග කරන්න ස්තුති
සෙනෙවිරත්න Wednesday, 27 August 2025 01:00 PM
රජය අලුත් දේවල් කොපමණ කළත් ඒවට වඩා ප්‍රචාරය සොරු ඇල්ලීම සම අල්ලපු හොරු වෙනුවෙන් යන වොයිස් කට්, ඉතින් සමහරු හිතන්නෙ රජය කරන්නෙ හොරු අල්ලන එක පමණයි කියල,, රජය ඒ ගැන සැසැලකිලිමත් විය යුතුය.
අතුල Wednesday, 27 August 2025 05:18 PM
මේක ඉතාමත් අගය කලයුතු කටයුත්තක්. ඒ වගේම ගමන් බලපත්‍රයත් "අලුත් කිරීම" ඔන් ලයින් කරනවා නම් හොඳයි. එක දියුණු රටවල් වල කරනවා. ගමන් බලපත්‍රය අලුත් කරණ කොට, උප්පැන්න, විවාහ සහතික ආදියත් දෙන්න ඕනෑ. විවාහය නිසා වාසගම වෙනස් වෙනවා නම් ඒක හරි. රස්සාව වෙනස් වෙනවා නම් ඒකත් හරි. ඒත් උපන් දිනය ඇතුළු පැරණි ගමන් බලපත්‍රයේ කිසිදු තොරතුරක් වෙනස් වෙන්නේ නැත්නම්, නැවත එම සහතික ඉල්ලන්නේ මොන අවශ්‍යතාවයකටද? කිසිම ප්‍රයෝගික අවබෝධයක් නැති මෝඩ හරක් තමයි ඕවා හදන්නේ.
ළහිරු නිලංග සිල්වා Thursday, 28 August 2025 04:56 PM
ඇත්තටම හොඳ වැඩක්...
K.s.d.perera Friday, 29 August 2025 02:30 PM
ඇත්තටම online ගන්න පුලුවන් නම් ගොඩක් හොදයී. මොකද අපේ රටේ විවිධ රැකියා කරන අය ඉන්නවා ඒ අයට එක දවසක් හෝ දෙකක් නිවාඩු දාන්න ඔනේ බලපත්‍රය හාදා ගන්න. මම නම් හිතන්නේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළොත් නම් හොදයි... නිකරුණේ රස්තියාදු වෙන්නේ නැතිව හදාගන්න පුලුවන් එහෙම ගන්න තිබ්බා නම් තමයී කව්රුත් කැමතියි...
Nithitha Avinidu Friday, 29 August 2025 07:08 PM
මේ ක්‍රියාවලිය කරන්නේ කොහොමද?
රොෂාන් ආනන්ද ෆොන්සේකා Friday, 29 August 2025 07:52 PM
මගේ ඩ්‍රයිවින් ලයිසන් ඒක ඉවර වේලා අලුත් කළා. දැන් අවුරුදු 2ක් වෙන්න එනවා තාම ලයිසන් ඒක ආවේ නෑ. කොළයක් තමයි දුන්නේ ඒක ඉරිලා ගන්න දෙයක් නෑ පුළුවන් නම් අපේ ලයිසන් ඒක එවන්න...
Chanthaka Warnakulasooriya Friday, 29 August 2025 08:05 PM
මගේ ලයිසන් එක අවුරුදු 3ක් වෙනවා තවම ලැබුණේ නෑ... ටෙම්පරි කොලේ දියවෙලා ගෙන්න ගන්නේ කොහොමද?
සමන් කුමාර Friday, 29 August 2025 10:59 PM
ඒ වැඩේ හොදයි. පුළුවන් නම් වාහන ආදායම් බලපත්‍රයත් ලංකාවේ ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ගන්න පුළුවන් විදිහේ වැඩෙත් කරලා දෙන්නකෝ (අදාල පළාතටම යන්න ගියාම කරදරයි) නැත්නම් දුම් වාර්තාවට දවසයි ආදායම් බලපත්‍රයට දවසයි දවස් දෙකක් වැඩ පාඩු කර ගන්න වෙනවා.
D. M. C. Ranasinghe Saturday, 30 August 2025 10:39 AM
ඇත්තටම මේක හොද වැඩක්...
D. M. C. Ranasinghe Saturday, 30 August 2025 10:43 AM
රියදුරු බලපත්‍රය අලුත් කිරීම....
A. Suren Kumar Saturday, 30 August 2025 04:20 PM
හොඳයි
Charith Sunday, 31 August 2025 09:14 PM
මගේ රියදුරු බලපත්‍රය නැතිවී එය නැවැත සකස්කරන ලදී නමුත් ටැම්පරී කොලය පමණයි තිබෙන්නේ මා දැන් පිටරට සිටින බැවින් ඵය සකසාගත් කෙසේද.
Nimesh maduranga Sunday, 31 August 2025 10:59 PM
ලයිසන් එක අලුත් කරන්නේ කොහොමද
pramoda Sathsara Monday, 01 September 2025 04:01 PM
මගේ ලයිසන් එක නැති වුණා. ඒක ගන්නේ කොහොමද?
Jeewanthi Monday, 01 September 2025 06:29 PM
රට ඉන්න අයගේ ලයිසන්ස් ජාත්‍යන්තර තත්වයට පත්කර දීමට අවසර ගන්නේ කොහොමද?
Anil bandar Monday, 01 September 2025 07:46 PM
මගේ ලයිසක් එක හම්බුනා අවුරුද්දක් ගියා... ඒ කාර්යාලයට කතාකරා.. ඒක තැපැල්කරා කිව්වා.. ඒ කයපු දවසේ ඉඳන් අවුරුද්දකට පස්සේ තමයි මගේ අතට ලයිසන් එක ලැබුනේ...
Jerad Godfrey Monday, 01 September 2025 09:49 PM
මටත් රියදුරු බලපත්‍රය සාදාගන්න ඕනෑ...
W. K. A. U bodipacksha Wednesday, 03 September 2025 11:29 AM
නියමයි...
Nuwan madusanka Wednesday, 03 September 2025 09:01 PM
ලයිසන් අලුත් වැඩියාව