IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අනතුරින් හමුදා කෝප්‍රල් මරුට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා කෝප්‍රල් වරයකු  වන පී .ඩි. හර්ෂණ  සිරිවර්ධන  37  හැවිරිදි  අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

 හමුදා කඳවුරේ සිට  නිවාඩු ලබා  ඔහු පදිංචි මීගස්වැව මැදිරිගිරිය ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.

හමුදා කඳවුර ආසන්නයේ අතරමංව සිටි කුඩා බලු පැටවෙකුට කූඩයක දමා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන තවත් ගමන් මල්ලක් යතුරුපැදියේ පිටුපස ගැටගසාගෙන වේගයෙන් ගමන් කරමින් සිටියදී බලු පැටියා සමඟ   ඉදිරිපස තබාගෙන ගිය ඇසුරුම සිරවීමත් සමඟින් පාලනයෙන් ගිලිහුණු යතුරු පැදිය   අසල  තිබුණු දුරකථන රැහැන් කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

 .

 



අදහස් (0)

අනතුරින් හමුදා කෝප්‍රල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16931 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site