IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දක්ෂිණ අධිවේගේ කොටසක ඉරිතැලුමක්

(අංජුල මහික වීරරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝ මීටරයේ සිට 34 වන කිලෝමීටරය දක්වා ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝ මීටරයේ සිට 34 වන කිලෝ මීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ස්ථර වල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. 

එබැවින්, එකී මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් සුදුසුකම්ලත් දේශීය ආයතන වෙතින් ලංසු කැඳවා ඇත. 

ලැබී ඇති ලංසු ඇගයීමෙන් පසු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ.

ඒ අනුව, එකී නිර්දේශය මත පදනම්ව, අදාළ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

දක්ෂිණ අධිවේගේ කොටසක ඉරිතැලුමක්

මහින්ද Wednesday, 27 August 2025 02:28 PM

ඔය කිලෝමීටර් 15 රෙපෙයාර් කරන්න පටන් ගන්න උත්සවයක් තියපල්ල ...

:       9       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16931 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site