IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

(අංජුල මහික වීරරත්න)

පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය  ලැබී ඇත.

2025- 09-15 දින සිට 2026-03-14 දින දක්වා මාස හයක  කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ. 

මේ සඳහා සැපයුම්කරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5% (බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 5ක් සපයා ගැනීම සඳහා වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව  M/s. Adaya Birla Global Trading (Singapore) pte. Ltd. Singapore පිරිනැමීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

මැක්ස් Wednesday, 27 August 2025 01:34 PM

මේ නැව් තොගවලින් වත් කංචනගෙ ගාන නොකැපී අපට අඩුවට පෙට්‍රල් ඩීසල් හම්බ වෙයි ද අනුර කුමාර සහ සමාගමෙන්?

:       7       10

රිස්වාන් Wednesday, 27 August 2025 01:44 PM

මේ නැව් පහෙන්වත් කංචනට යන රුපියල් 160 කොමිස් එක කපලා ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්ද?

:       8       11

Perakum Liyanagama Wednesday, 27 August 2025 04:23 PM

කාංචන 160 ගානෙ ගන්නකල් අනිත් ඈයෝ උඩ බලං උන්නද නැත්නම් කට්ටිය හවුලේ බෙදාගත්තාද?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16930 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site