
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට හිංසන සහ අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව අද දෙවෙනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
වින්දිත නිලධාරිනියගෙන් මෙහිදී දෙවැනි දිනයටත් ප්‍රකාශ සටහන් කර ගැනුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මෙම කමිටුව ඉකුත්දා පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි.
වින්දිත නිලධාරිනිය පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණු අභ්‍යන්තර කමිටු දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බාහිර විමර්ශන කමිටුවක් මෙසේ පත් කෙරිණ.
එම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදීද පසුගිය කාලයේදී ප්‍රශ්න කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd