‘කුෂ්‘ සමඟ තවත් අයෙක් කටුනායකින් අල්ලයි
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද (24 ) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .