
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවට මතයක් පැවැති බව කී කුමරප්පෙරුම මහතා අද වන විට සෑම කෙනකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ සංචාර අතරින් කියුබාවට සහ එක්සත් ජනපදයට ගොස් ආපසු එන අතර, එතුමාගේ භාර්යාවගේ උපාධි ප්‍රදානෝත්සවයකට රජයේ මුදල් වැයකර ලන්ඩනයට ගොස් නැවතී සිටීමක් සම්බන්ධයෙන් නඩු නිමිත්තක් තිබෙනවා. අධිකරණයට වාර්තා කර තිබෙන කරුණු අනුව ස්ටර්ලින් පවුම් 44,000කට වැඩි මුදලක් එම ගමන වෙනුවෙන් වැය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ දණ්ඩනීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේයි. මේ අධිකරණ ක්‍රියාදාමය ගැන මාධ්‍ය හමුවක් පැවැත්වූ විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළා.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට නොගත යුතුව තිබූ බවයි. එතුමා ඉදිරිපත් කරන්නේ නීතිමය තර්කයක්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, රාජ්‍යය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකියි යන පදනමෙනුයි.
ඒක රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බලපවත්වන නීතියක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමේ වගකීමක් රාජ්‍යයට තිබෙන නිසයි වාහන අනතුරකින් ලයිට් කණුවක් කඩාගෙන වැටුණත් තරාතිරම නොබලා වන්දි අය කරන්නේ.
නමුත් මෙතනදී විපක්ෂය දිගටම අධිකරණයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්කරන්නේ අධිකරණයට අපහාසයක් සිදුකරනා ආකාරයෙන්. පොදු දේපළ පනත යටතට ගැනෙන්නේ රුපියල් 25000ට වැඩි මූල්‍යමය අලාභයක් රජයට සිදුකිරීම සම්බන්ධ චෝදනා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර පාලනය කිසි විටෙකත් අපේක්ෂා නොකළ තරම් තත්වය දරුණු වී ඇති නිසා. ඉන්ටෙල් මාධ්‍ය මේ ගැන බොහෝ දේ කියවනවා. ඔබ මෙය සිනාසෙන්නට පුළුවන, නමුත් යථාර්ථයේ දී දැන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු වී තිබේ. වෙනත් රටවල නීතිඥයින් පවා මෙම නීත්‍යානුකූලභාවයේ සමස්ත කාරණය තර්ක කරන අතර මෙය නීති විරෝධී රඳවා තබා ගැනීමක් ලෙස හඳුන්වයි. ඔවුන් රනිල්ට ආදරය කරන නිසා හෝ සලකන නිසා නොව, ඔවුන්ට මේ රට ගැන නැවතත් නරක චිත්‍රයක් ඇත.මේ මාසයේ සිට දෙසැම්බර් දක්වා සංචාරකයින්ගේ පැමිණීම පරීක්ෂා කළ යුතුයි.
ඒ කියන්නේ තමුන්ගේ අම්මව බලන්න ආණ්ඩුවේ හෙලිකොප්ටරේ නැගලා ගිය එකත් වරදක්ද? ඒ කියන්නේ රටට ඩොලර් ගෙන්න කියලා ලෝකේ වටේ ආණ්ඩුවේ සල්ලිවලින් සවාරි ගහලා ඒත් කිසිම ඩොලර් එකක් ගෙනාවේ නැති එකත් වරදක්ද? ඒ කියන්නේ ජනාධිපති උනාට පස්සේ තමුන්ගේ නිළ රථයෙන්, නිළ ඩ්‍රයිවර් එක්ක, නිල ඉන්ධන දීමනාව අරගෙන අනිත් චන්ද ප්‍රචාරක රැස්වීම් වලට ගිය එක වරදක්ද? කරුණාකර පැහැදිලිව කියන්න. බාගෙට කියන්න එපා.
ඇත්තද, කොච්චර හොඳද? එහෙනම් කන්ටේනර් සිද්ධියට බිමල්වත්, හොර ඔප්පු කේස් එකට වසන්තවත්, රජයේ මුදල් අවභාවිතයට හඳුන්නෙත්තිවත්, නිල වාහන අවභාවිතයට ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්නකො. බැරිනම් මකුළුදැල කටේ ඔබාගන්න.
ටිකක් කට වහගෙන පක්‍ෂය ඇතුලෙ මරාගැනිල්ල නතර කරනවා. නැත්නම් ආණ්‌ඩුවට කෙලවෙනවා.
ඇමෙරිකාවේ සිට පැමිණීමේදී , ගුවන් ගමන් මාර්ග අරාබිය හරහාද , එංගලන්තය හරහාද ලංකාවට පැමිණෙන බව කාල සටහන් අද්‍යනය කිරීමෙන් අවබෝද කරගත හැක . මෙය හැමදෙනාගේම අවධානය පිණිසයි . හැමෝම උගත් පාඩම නම්, මින් පසු රජයේ මුදල් වලින් තමන්ගේ බිරිදටවත් , දරුවන්ටවත් කෑම වේලක් දීම වරදක් බව වටහා ගැනීමයි . ( අද ලොකු හෝටලයකින් කන්න අරන් දුන්නොත් 25000.00 ට වැඩිය යනවා ) සුදන්ත කියන්නේ නීතිය කියන දැලට පැටලෙන්නේ නැති ලොකු සතෙක් යනු දැන් වැටහෙනු ඇත.
ජිල්බු මොන පක්ෂයෙද මරාගන්නේ, එහෙම බවක් පේන්නේ නැහැ.. අන්න නයි, මුගටි එකට, රජයේ අවුලක් නැහැ. ඔයා හීන බලන්න තව ටිකක් නිදාගන්න...
මකුළු දැල?