
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
වෙඩි තැබීමට භාවිතා කරන ලද අවියේ මැගසීනය, ජීව උණ්ඩ 06 ක් , හිස් පතුරන් කොපුවක් සහ සැකකරුවන්ගේ බවට සැක කරන ජංගම දුරකථනක් අදාල ස්ථානයේ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි.
මෙම වැඩි තැබීම වනාත ප්‍රදේශයේ අපරාදකරුවකුගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd