
(මනෝප්‍රිය ගුණසේකර)
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි ප්‍රද්‍රානොත්සවයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධි ප්‍රදානෝත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පසු අවස්ථාවක නිර්මාණය කළ එකක්ද යන්න හෙළිකර ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් උපාධි ප්‍රදානොත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කර මාස 03ක කාලයක් ගතවනතුරු ඉදිරිපත් නොකිරීම මත එය පසුව නිර්මාණය කළ ලිපයික්ද? යන්න පිළිබඳ සැකයක් මතුවන බවට ඉදිරිපත්වු කරුණු මත හම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය කළ නියමයට අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වුල්ෆ් හැම්ටන්’ සරසවියේ ආරාධනා පත්‍රය ගැන සොයයි
ගුණරත්න Sunday, 24 August 2025 09:32 PM
බුහ හා, රනිල් කියන්නේ කොළඹ එලිට් සමාජයේ මනුස්සයෙක්. ආරාධනාපත්‍රයක් නැතිව හෝ ඇතිව යන එක ගැන මලිමාවුන්ට වෙනස තේරුම් ගන්න බැරි වුනාට රනිල් වගේ කෙනෙක්ට තේරෙනවා වෙනස. ඊළඟ කාරණේ එතකොට රනිල් ලංකාවේ ජනාධිපති...
පන්සිළු Sunday, 24 August 2025 11:47 PM
ඔන්න රටේ දැවෙන ප්‍රශ්ණ . ඇත්තටම මුන්ට අමු කැවිලා
Nishan Monday, 25 August 2025 05:58 AM
දැන්ද ඒක ගැන හොයන්නේ? ඒ කියන්නේ රනිල්ව රිමාන්ඩ් කරන තීන්දුව දීලා තියෙන්නේ හරි හමන් විමර්ෂණයක් කරලා නැතුවද? සැක සංකා තියාගෙනද රිමාන්ඩ් කලේ? සැකයේ වාසිය විත්තියටයි කියලා විශ්ව මූළධර්මයත් කඩ කරලාද?
සංකා Monday, 25 August 2025 09:01 AM
හොරුන්ගේ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී අනුවාදය දැන් වළලනු ලැබ ඇත.බලය සහ තනතුර නොසලකා සියලු සොරුන්ට සහ මැරයන්ට එරෙහිව වත්මන් NPP රජය ගෙන යන ක්‍රියාමාර්ගයට අපි ජනතාව පක්ෂපාතී වෙමු. හොඳ වැඩක් AKD, මේ මුළු රටම මංකොල්ල කාපු වංචාකාරයින් සහ ඔවුන්ගේ හෙංචයියන් නීති මගින් දඬුවම් දෙන නිර්භීත CID ට අපේ සුබ පැතුම්. පෙර කිසිදු රජයක් යටතේ කිසිදු විටෙක වත් එය කල නොහැකි විය.
විපරමා Monday, 25 August 2025 04:59 PM
ඔය වගේ ලියුම් කොහොම පෙන්වන්න බැරිද? ඒ කාලේ ගෝඨාව බලයට ගේන්න කරපු දේවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.