
( රංජිත් රාජපක්ෂ )
හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිළ නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වටවල පොලිසිය පැවසීය.
මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ අනවකි රිටෝ අමින් නැමති (45) හැවරිදි අයයි.
මෙම වතු අධිකාරිවරයා අද (25) අලුයම සේවයට වාර්ථා කිරිම සදහා අවදි නොවු නිසා එම නිළ නිවසේ සේවයේ නියුතු කෝකියා සහකාර වතු අධිකාරිවරයාගේ නිදන කාමරයට ගොස් පරික්ෂා කර බලා එහි සහකාර වතු අධිකාරිවරයා නොසිටි නිසා නාන කාමරය පරික්ෂා කිරිමේදි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා එහි වැටි කතා නොකර සිටිම හේතුවෙන් කෝකියා විසින් නිළ නිවාසේ මුරකරු දැනුවත් කර එම වතුයායේ වතු අධිකාරිවරයා මගින් වටවල පොලිසිය දැනුවත් කර ඇත.
නානකාමරය තුලදී ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලිස්සා වැටී හිස බිත්තියක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට වටවල පොලිසිය සැකකරයි.


2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා අභිරහස් ලෙස මිය ගිහින්