
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලබන මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතය.
2025 සැප්තැම්බර් 9 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව ප්‍රකාරව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම එදින ප.ව 5.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
2025 සැප්තැම්බර් 10 වැනි බදාදා පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.
ඉන්පසු ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.
2025 සැප්තැම්බර් 11 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් පරිපූරක ඇස්මේන්තු දෙකක් විවාද කොට අනුමත කර ගැනීමට නියමිතය.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
2025 සැප්තැම්බර් 12 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත. ඒ අනුව අභාවප්‍රාප්ත හිටපු ගරු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, පී දායාරත්න, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, එම්.එච් සේගු ඉසඩීන් හා විජයසුන්දර බණ්ඩාර රණතුංග යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට නියමිතය.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීළඟ මැතිසබේ වැඩ වෙන්නේ මෙහෙමයි