
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් භාරදී ඇත.
මේ පැමිණිල්ල බාර දෙනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් විසිනි.
වත්මන් රජය දේශපාලන මර්දනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල භාරදී ඇත.
කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පළිගැනීම්වලට හොඳම උදාහරණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හමුදා එවලා අඳුwa රනිල්ට අරන් දෙයි, නිමල් සිරිපාලව ගුවන් තොටුපල භාර අමාත්‍ය කරලා, තිරණ් අලස්වා වීසා දෙන ඇමති කරලා, කෙහෙලියව බෙහෙත් ගන්න අමාත්‍ය කරලා, ආණ්ඩුව කරගෙන යන්න?
අපරාදේ ඔය ගොල්ලන්ගේ නායකතුමා පහුගිය ජනාධිපති ඡන්දෙදී අර වගේ සවුත්තු කතා කියලා බෙදිලා ඡන්දේ ඉල්ලුවා නේද? ඒ කියපු කතා ගැන දුකයිද දැන්? ඕක තමයි තමුන්නැහැලා සේරම එකයි නායකකමට තමයි පොරය, රටේ වාසනාවට බෙදිලා ඡන්දේ ඉල්ලුවේ. දැන් ඉතින් මේ ගමන නතර කරන්න ඔහේලාගේ ඔය ලියුම් වලට බැහැ, ලෝකයා දන්නවා හරි කවුද කියලා...
කොහොමද පළිගැනීමක් වෙන්නේ? නීතී ගරුක සිෂ්ට සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි .වැරදි කළොත් දණ්ඩුවම් වින්දින්ඩම ඕනේ.ගරු අදිකරණය විසින් කරුණු කාරනා රැසක්ම පැහැදිලි කරමින් දුන් නිවැරැදි තීන්දුවක් ?
ලංකා අධිකරණයට විරුද්ධව යාම විහිළුවක්!
එක්සත් ජාතීන් ඉන්නේ හොරු බේරන්නද?
දලුවගෙදර ඔයාට තේරුමක් නෑ. රනිල්ව අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කිරිමේ සම්පූර්ණ ක්‍රියා පිළිවෙත ගැන ලෝක අවධානය යොමු කරවීමක්. ලංකාවේ ඕනෙම පුරවැසියෙක්ට එක්සත් ජාතීන් වෙතට යන්න බලය, අයිතිය තියෙනවා.