
(අංජුල මහික වීරරත්න)
සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන නඩු තීන්දුව ගැන සුදත්ත තිලකසිරි නැමැත්තකු යූටියුබ් මාධ්‍ය හරහා කලින්ම ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
"මේ පරීක්ෂණ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිම මැදිහත්වීමක් කළේ නැහැ.මේ සිද්ධිය ගැන පමණක් නොව මූල්‍ය වංචා,අපරාධ දූෂණ සියල්ල ගැන නිදහසේ පරීක්ෂණ කරන්න ඉඩදී තිබෙනවා.ආණ්ඩුවේ වගකීම වන්නේ ඒ ආයතන වලට අදාළ පහසුකම් ලබා දීමයි.
රටේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නීතිය සමානව ක්‍රියාත්මක වන බවට පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකියි.
මීට කලින් වික්ටර් අයිවන් මහත්තයත් නඩු තීන්දුවක් ගැන කලින් වාර්තා කරපු අවස්ථාවක් මා දුටුවා.සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන්.අධිකරණය ඇප ලබා දෙනු ඇතැයි සමහරු හිතන්නැති. සමහරු ඇප ලබා නොදෙනු ඇතැයි හිතන්න ඇති.ඕවා නිකං සාස්තර වගේ තමයි. සමහර ඒවා හරි යනවා. සමහර ඒවා වරදිනවා.කවුරුහරි එහෙම චෝදනා කරනවා නම් ඒක අධිකරණයට අපහාසයක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගාණක් තිස්සේ බොරුවයි වෛරයයි වපුරලා බලය අරන් දැන් මොලේ කචල් වෙලා. මුන්ට දෙයියො ඉක්මනට දඬුවම් දෙයි.
දෙන්නෙක් මහා ඉහලින්ම ආන්ඩුවේ කුණු හෝදනවා. මෙයා නිල වශයෙන්ම ඒ අයගේ කුණු හෝදනවා.
නලින්ද ජයතිස්ස දැන් මාලිමාව සහ රජය පමණක් නොවෙයි, පුද්ගලික යූ ටියුබ් චැනල් වලත් මාධ්‍ය ප්‍රකාශක වෙලාද? පුද්ගලික චැනල් වලින් කතාකරන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නම්, ඒ සඳහා වැටුප සහ වියදම යන්නෙත් රජයේ මුදල් වලින් නේද? ඒකත් එතකොට පොදු දේපල අවභාවිතාවක් තමයි...
ඔයාලාට ආයෙ කවදාවත් බලය ලැබෙන්නේ නෑ. ඒක නිසා පරිස්සමෙන් පරිහරණය කරන්න.
පාණ්ඩුව සුදා කියන මිනිහා හෝදන්න කැබිනට් ප්‍රකාශක එවලා තියෙන්නේ ඇයි...?
තව ටික දවසකින් මිනිස්සු ඔහේලාට ගහලා පන්නනවා. අන්න එදායින් පස්සේ පත් වෙන ආණ්ඩුවෙන් දෙන රිටර්න් වලටත් ඔය විදිහට කියාගෙනම මූණ දෙන්න දැන්ම ඉදලා ලෑස්ති වෙලා ඉන්න සහෝදරයා...