(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුලින් යුද්ධයට බය වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් දැන් සාමයට බයවී සිටින බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පොඩි හරි දීප්තියක් පෙනෙනවා නම් ඒක ගන්නැයි උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.රටේ ජනතාව මන්ද පෝෂණයට ඇද දාපු උදවිය දැන් ආණ්ඩුව පළිගන්නවා යැයි කියනවා.තමන්ගේ ඥාතීන් හිත මිතුරන් සැමරීමේ අයිතිය නැති කරන්න නීතියකට බැහැ.අපගේ සමගිය හරහා බොහෝ අයගේ දේශපාලන වඳවීම ඇතිවෙනවා.සමානකම් වලට වඩා වෙනස්කම් ඉවසා දරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය අප විසඳා ගත යුතුයි.අප සංවර්ධනය මෙන්ම සමගිය එකට ඉදිරියට ගෙන යනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නිසා නොවෙයි මහත්තයා දැන් අපි බය, අපි බය කන්ටේනර් එකක් කියනකොට. මොනවා තියෙනවද දන්නේ නැහැ ඒවා ඇතුලේ..
ඔහ්... අපිට මතකයි ඔයා යුද්දෙ කාලෙ ඉස්සරහින්ම හිටියා. මේ JVP ජාතියේ වීරයෙක්.
වෛරය වපුරන මිනිස්සු
තමුන්නාන්සේලාද සාමය උදා කලේ? රටම දන්නවා උතුරේ යුද්දෙට ආවඩමින් දකුණේ යුද්දේ කලේ කවුද කියලා...
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ යෝධයින්ගෙන් යන්නේ කොහේද කියලා ඇහුවා කියන්නේ මල්ලේ පොල් වගේ උත්තර, පවු අප්පා... අනාථ වුණු තරමක්...