
(අංජුල මහික වීරරත්න)
" මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්" යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරක් දෙමිනි.
එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ධනය අයථා ලෙස උපයා ගත් ඉතිහාසයක් නොව පෞද්ගලික ධනයත් වැය කොට ජනතා සේවය කළ ඉතිහාසයක් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
තමා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නැති බවට තම දේශපාලන ඉතිහාසය ගැන දන්නා සියලු දෙනා සාක්කි දරනු ඇතැයි කී අබේවර්ධන මහතා සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඉල්ලා සිටි ලිපි ලේඛන තමා ඉදිරිපත් කර නැතැයි ඇතැම් මාධ්‍ය වැරදියට කරුණු සඳහන් කර තිබූ බව කී වජිර අබෙිවර්ධන මහතා අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන නිසි පරිදි තමා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඇවන්ගාඩ් එකෙන් ගත්තු ඒවා මේ... මේකට අදාළ නෑ හොදේ...
අපි නොදන්න වංඩු ආප්ප.
ඔය ගමන්ම කොමිස් ගහලා තමන්ගේ සාක්කුව පුරවා ගත්තු ඒවත් කියන්න...
ඇත්ත වෙන්න ඇති. විකුනලා චන්දෙට වියදම් කරන්න ඇති. ඒවාට සල්ලි බෙදන්න ඇති. ඒ උනාට හොඳටම පැරදිලා ගෙදර යන්න උනෙත් ඒක නිසා වෙන්න ඇති. නැතිව කරපු කෙන්ගෙඩියක් නම් අපි දැක්කේ නෑ.
දැන් ඕව කිව්වට ඔට්ටු නෑ... දොරට තට්ටු කරනව වගේ ... කෙඳිරිල්ල පටන් අරං තියෙන්නෙ..
පර්මිට් එක විකුනපු එකත් වැරදියි.සල්ලි බෙදපු එකත් වැරදියි.
වාහන පර්මිට් එකක් දෙන්නේ විකුණලා සල්ලි ගන්නද? එතැනම කරලා තියෙන්නේ හොරකමක්...!
ජෙප්පෝ නම් කලේ පර්මිට් ටික එකතු කරලා උන් බෙදාගත්තු එක..
ඇයි, මුනේ දමන් හිටිය මාස්ක් එකත් ගලවල ත්‍රීවිලර් මල්ලි කෙනෙකුට දුන්නේ
ඔයා කොළඹ හදපු නිවස කාගේ සල්ලිවලින්ද හැදුවේ?
දාගෙන හිටපු මුඛ ආවරණය ගලවල දුන්න මිනිහානෙ
හරි ඉතින් ඔබතුමා වැරැදි කරලා නැතිනම් බයවෙන්න ඕනෙ නෑ නේද?
ඒ නිසාද ගාලු දිස්ත්‍රික්ක ජනතාව ඔයාව තුන් පාරක් පරාජයට පත්කළේ..?
අර ඒ දවස් වල පැදපු ෆුට් සයිකලේ තියෙනවාද? මට මතකයි පස්ස රිදෙනකම් බයිසිකලේ පදිනවා ගාල්ලට...
අපි හිතුවේ විලි ලැජ්ජාවත් විකුණලා කියලා....
අපිව අන්දවන්න හැදුවාට තමුන්ගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා. දේශපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ?...