
(සුජිත් හේවාජුලිගේ)
ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ.
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්‍රාම ගිය වැඩ තහනම් කළ හා සේවය හැර ගිය නිලධාරීන්ගෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට ලක්ෂ විසි දෙකකට ආසන්න මුදලක් අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම පාර්ලිමේන්තුවේ වැඩ තහනම් කෙරුණු නිලධාරීන්ගෙන් වසර දහයකට අධික කාලයක් තිස්සේ ලක්ෂ හතරකට ආසන්න මුදලක්ද අයකරගෙන නැතැයි වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය මිනිස්සුන්ගෙන් කොහොමද මුදල් අය කරගන්නේ? ඥාතීන්ගෙන්ද? ඒක සදාචාරාත්මක නැහැ. ලොක්කෝ හැන්ද අතේ තියන් බෙදන එක මේ ආණ්ඩුවේත් නතර වෙලා නැහැ. පාර්ලියමේන්තුවේ ලොකුම ලොක්කා නිල නිවාස දෙකක් තියන් ඉන්නවා කියලා අහන්න ලැබුණා. උන්නැහේ ඒ කාරණේ එළිදරව් වුණාම එක නිල නිවසක් රාජ්‍ය නොවන සංවිධානයක් හදලා දෙන්න හැදුවා. උන්නැහේගේ දේපොලක් නම් එහෙම කළාට කමක් නැහැ. ඒත් මේවා එහෙම නොවෙයි, මේවා මහජන දේපළ...
හොරුන්ගෙන් පිරිච්ච උත්තරීතර යැයි කියාගන්නා හොර ගුහාවක් නේද?
මියගිය මිනිස්සුන්ගෙන් කොහොමද මුදල් අයකර ගන්නේ?
NPP ආණ්ඩුවක් හින්දා මේවා එළියට එන්නේ... මින් පස්සේ ඕවා බෑ. ඒකනේ බයියෝ කෑගහන්නේ...
මියගිය සේවකයන්ගේ ආර්ථික සාදක සහ වෙනත් දීමනා තියෙනවා. පුද්ගලික අංශයේ නම් මේවා නිදහස් කරන්නෙ, අය විය යුතු ණය කපාගෙන.