
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාව විශේෂ බලකායේ හිටපු සෙබළුකු බව පොලිසිය කියයි.
එම සැකකරු සමග අයිස් මත්ද්‍රවය ගෑම් 6 ක් , නයින් එම් එම් උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , එම උණ්ඩ හතරක් හා ෂොට් ගන් එකක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 12 වෙනි හිටපු මන්ත්‍රීවරයා ස්කූටි වර්ගේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මෙම සැකකරු සහ තවත් පුද්ගලයකු මීගොඩ නඳුන් උයන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.
එහි රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා එදිනම තලංගම පොලිසිය මගින් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ මෝටර් රථය සමග අත්අඩංගුවට ගැනිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව හම්බන්තොට නාගරගම වාඩියක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෝමාගම ප්‍රා.මන්ත්‍රීට වෙඩි තැබූ හිටපු සෙබලා අල්ලයි
fairoos Thursday, 21 August 2025 12:23 PM
මොවුන්ට කොහොමද අවි ආයුධ ලැබෙන්නේ? එක්කෝ පොලිසියේ.. නැතිනම් හමුදාවෙන් නේද?