
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් හතරක් මේ වනතෙක් කිසිම අධිකරණ කලාපයකට ගැසට් වී නැතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මසිරි විජේසිංහ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (20) අනාවරණය කළේය.
ගල්ගමුව ,නෙල්ලියක්ද,මුල්ලේ ගම සහ ඉඟිනියාගල යන ග්‍රාම නිලධාරී වසම් හතර මෙලෙස කිසිම අධිකරණ කලාපයට ගැසට් වී නැති බව කී මන්ත්‍රීවරයා මේ නිසා රාජ්‍ය නිලධාරීන්ද විවිධ අපහසුතාවලට ලක්වෙන බව සඳහන් කළේය.
මෙම ගැටලු සහගත තත්ත්වය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් සන්තකය පවරා ගැනීමේදී නඩු කටයුතු කිරීමට අපහසු වෙන බව කී මන්ත්‍රීවරයා එමෙන්ම පොලිසියට යම් කරුණු කාරණා සම්බන්ධයෙන් නඩු පැවරීමේදී අපහසුතා විඳින්නට සිදුවෙන බව පැවසීය.
මෙම ග්‍රාම නිලධාරී වසම් හතරෙන් ඉඟිනියාගල ග්‍රාම නිලධාරී වසම අම්පාරටත් අනෙක් ග්‍රාම නිලධාරී වසම් තුන බිබිල අධිකරණ කලාපයටත් ගැසට් කළහොත් ප්‍රදේශවාසීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට පහසුවක් වන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් ඇතුළුව මෙතෙක් ආණ්ඩු කරපු අයට මේ වෙනකන් ඕක අවබෝධ වුණේ නැත්තේ කොහොමද?
රටට නිදහස ලැබුණු දා සිට එදා මෙදා තුර දේශපාලුවෝ කීදෙනෙක් මෙම ගම් වැසියන්ගෙන් චන්දය ලබා ගත්තාද?
මෙපමණ කාලයක් මෙම ගම්වල පදිංචි කරුවන් කිසිම කලකෝලහාලයක් කරගන්නේ නැතුව බොහෝම සතුටින්, සාමයෙන්, සමාදානයෙන් ඉඳලා තියෙනවා වගේයි. දැන් එම ගම්වල සාමය කඩ වෙලා වත්ද ?
පුදුම රටක්නේ මේක...
මෙතෙක් කල් හිටපු රාජ්‍ය නායකයින් නිලාධාරීන් පොල් ගෑවද? මෙපමණ කාලයක් මේ ගැටලුව ඇදි ඇදී යන්න ඉඩ ඇරියේ මන්ද ? නොදැනුවත් කමද නොසැලකිල්ලද ? අදාල බලධාරීන් එම තනතුරු වලට කිසි සේත්ම සුදුසු නොවේ. ඔවුන් තම රාජකාරිය පැහැර හැර ඇති බැවින් ඊට නිසි විනය පියවර ගත යුතුය.