
(අංජුල මහික වීරරත්න)
"මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැතැයි" හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසයි.
වැව් බැඳි රටේ ලෙංගතු මිනිසුන්ගේ කෘතවේදීත්වය අසීමිතව වින්දෙමි, යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා එම සටහනේ සඳහන් කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කරන්නේ තමන් බැහැ දැකීමට කොළඹට පැමිණි ග්‍රාමීය ජනතාව ගැන සඳහන් කරමිනි.
"ග්‍රාමීයව හැදී වැඩුණු අපට මෙම පුරුදු හුරුය. අප අස්වැනේ මුල් කොටස පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ටය. අසල්වැසියන් අතරේද තම මුල් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්නේ සුහදතාව වර්ධනය කර ගැනීමටය. ගෙවත්තේ ඇති ගසේ එලදාවෙන් කොටසක් හිතවතුන් සමඟ බෙදා ගන්නේ ද ලෙංගතුකම නිසාය. අතීත ශ්‍රේෂ්ඨ රාජධානියක ගෞරවනීය කෘෂි ජනතාවගේ සමීපතමයෙක් වීමට ලැබීම මට මහත් ගෞරවයකි. ජනතා නායකයෙක් ලෙස ජනතාවගේ ආදරය තරම් වටිනා වෙනත් දෙයක් නැත. ලෙංගතු මිනිසත්කමින් පොහොසත් එම ජනතාව සෙනෙහසින් සිහිපත් කරමි. සැමදා සවියක් වූ අපේ ස්වාමීන් වහන්සේලාව ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.
මේ රටේ වැඩිහිටි පරම්පරාව වන අපට ටයර් පිළිස්සුණු ගඳත්, බෝම්බ බියත් අමතක කළ නොහැක. ටයර් සෑයවල් දැවෙද්දී තරුණ දරුවන් වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මම සටන් කර ඇත්තෙමි. බෝම්බ දුමාරය නැගෙද්දී ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නෙමි. යුද්ධය අවසන් කිරීම පිළිබඳ මා තුළ ඇති එකම පසුතැවීම නම් මෙයටත් පෙර ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වීම පමණි.
උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩාවට පත්වූහ. මායිම් ගම්මාන වල වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කළහ. බොහෝ ගම් වැසියන් ගම් බිම් අතැර දමා යාමට සූදානම් වෙද්දී අපේ ගමේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට වැඩම කරමින් ගම්වල රැඳී සිටීමට ගම්වැසියන් ධෛර්යමත් කළහ. ගම්බිම්වලට ප්‍රහාර එල්ල කරද්දී ජනතාව පන්සලට ගෙන ගොස් ආරක්ෂා කර ගත්හ. හමුදා නිල දරුවන් ද, ස්වාමීන් වහන්සේලා ද පන්සල ආරක්ෂා කළහ. මායිම් ගම්මානවල බොහෝ ජනතාව රැය පහන් කළේ පන්සලේ හෝ හමුදා කඳවුරු තුළය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං විජේරාමෙන් යන්නැත්තේ ඇයි? ආදරය හොයාගෙන යන්ට අයියා යන්ට...!
පිළිම හදල වැඳුම් ලබන්න හිටි නායකයෙක්, බලයට ඇති කෑදර කම නිසා පිරිහෙන හැටි. රාජපක්ෂ කල්ලිය 2015 පරාජයෙන් පසු බලයට ඒමට හැකි සෑම උප්පරවැට්ටියක්ම දැම්මා. මේ වතාවෙත් මාන බලන්නේ ඒකටම තමයි. මොන පහත් වැඩක් කරල හරි බලයට එන්න උත්සාහ කරයි. හැමෝම පරිස්සම් විය යුතුයි.
ගොඩක් තරුණ අයට ඒ අතීතය අමතකයි.
කවුරු මොනවා කීවත් කොටි යුද ශාපය ඉවර කරපු රට දැවැන්ත සංවර්ධනයකට ගෙනාපු ඉතාම විශිෂ්ඨ නායකයෙක් මේ. අපේ කරුමේය 2015 ඉඳන් බොරු වලට රැවටිලා ඒ සංවර්ධන අහිමි වුණා.
මේ ප්‍රවෘතිය සහ එහි පින්තූර දැක්කාම හතිනේ තාමත් ලංකාවේ වහල්ලු ඉන්නවා කියන එක තමයි.
එහෙමනම් විජේරාමේ වර්ග අඩි 30,000 මන්දිරයක් අවශ්‍ය නෑනේ...
අපරාදේ කියන්න බැහැ වැලේ වැල් නැතිව හිටපු රාජපක්ෂලාව අනුරලා ආයෙත් උස්සල තියනවා එකෙන්ම. ඊළඟ ඡන්දෙදී තවත් ඡන්ද ලක්ෂ 25 කින් විතර මාලිමාව කෙලවා ගන්න හැඩයි පෙනෙන්න තියෙන්නේ.
ජනතාව කිරිබත් කන්න බලාගෙන ඉන්නේ ආදරය ලොවෙත් නැතිවෙන්න පෙන්නන්න...!
ඔහේ 2015 පැරදිලා ජනේලේම එල්ලිලා ගෙදර හිටියානම් අපිත් ඔහේට තවම ආදරෙයි
එහෙම ඉන්න තිබ්බ මිනිස්සුන්ගෙ ඊරි මාංශ නොකා හිටියනම්....
අසරණ ජනතාවගේ... මුදල් දේපල හොරාකලා නූගත් පුත්තුන්ටයි. තමාගේ පරම්පරාවටයි බෙදලා දීලා... මොන හොර වැඩේද නොකෙරුවේ... හැමදේම කරලා දැන් ජනතාවගේ ආදරය ඉල්ලනවා... අන්දරේ හොඳයි තව... සුමනදාසට කියලා හදපු වශි මුද්ද කෝ...? දුප්පත් මිනිස්සු ටිකකුයි. කව්රුත් නොදන්නා හාමුදුරු නමකුයි වටකරගෙන.... දුක කියනවා. ඒ දවස්වල හිටපු හමුදුරුවෝ. දැන් කිසි සද්දයක් නැහැනේ...
උන් උන්ම එකතු වෙලා පිටවල් කසා ගන්නවා කියන්නේ මේවට තමයි.
හැබැයි ආදරය දක්වන්න එන්නේ රුපියල් 5000/=යි කෑම පැකට් එකටයිනේ.
අපිත් ආදරය කළා ගොඩක්.. නමුත් පවුල් පිටින් රටට කෙලිනකොට එපා උනා.... දැන් තමයි තේරෙන්නේ පවුල් සහ ඇමති මන්ත්‍රීලා බුරුතු පිටින් රටට කොච්චර කෙලලද කියලා..... මේ හැත්ත හිටියනම් අපේ රටේ අහිංසක මිනිසුන්ට මුහුදේ තමයි පනින්න වෙන්නේ.....
ඔයා ගෙදරින් යන්නකෝ... අපිට තව පව් දෙන්නේ නැතිව...
ඒ කියන්නේ බයි වහල්ලු රටේ තාමත් ඉන්නවා කියන එකද?
කළගුණ නැති පරගැති හැත්ත... තෙරුවන් ගුණ බලයෙන් ඔබතුමා දිනේවා..!
දරුමල්ලෝ එක්ක පවුල් පිටින් අසීමිතව ජරාව කන්නේ නැතුව අඩුගණනේ නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙකුගෙන්වත් පාඩමක් අරගෙන කටයුතු කළා නම් අද වෙනකොට දේවාල හදලා පුද පූජා පවත්වන සයිස් එකක් තිබුනේ. අවාසනාව කියන්නේ එසේ මෙසේ බලශක්තියක් නොවේ කියලා තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමා මේ පවුල...
තමුන්ට ජනතාව ආදරේ කරපු නිසා තමයි,කියපු ටොම් පච වලට රැවටිලා චන්දේ දීලා බලයට පත් කෙරුවේ.මහින්ද චින්තනය ,1,2, තාරුණ්‍යයට හෙටක්,ලන්කාව දැනුමේ කේකේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආස්චර්‍ය මේවා ජනතාව රවට්ටලා බලයට එන්ඩ ගහපු තුරුම්පු විතරයි. පවුලේ උන්ව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා .