බන්ධනාගාර ගැන යළි හොඳ හිත ඇති කළ හැක්කේ නිලධාරීන්ටයි බන්ධනාගාර ක්‍රමවේදය ගැන පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 23 June 2025
දෙදරු මව ගෙල කපා මරලා කොස්ගම ඉහල කොස්ගම පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී ගෙල කපා ඝාතනය කරන ලද දෙදරු මවකගේ මළ සිරුරක් අද (23) හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි 23 June 2025
සජින් ද වාස්ට වරෙන්තු රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනනැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. 23 June 2025
මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික අශෝක අජිත් කොට්ටහච්චි මහතා අද (23) තේරී පත්විය. 23 June 2025
හම්බන්තොට නගර සභාවේ බලය සමගියට හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂ විසින් දිනා ගන්නා ලදි. 23 June 2025
ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා ගංජා තොගයක් ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 23 June 2025
සජබේ පොහොට්ටුවට පොලු තියලා හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බවට සමගි ජනබලවේගය දුන් පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් සභා පිහිටුවීමට එම පක්ෂ දෙක ඇතිකරගෙන තිබූ එකඟත්වය කඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇත. 23 June 2025
දේශබන්දුගේ සාක්ෂිකරුවෝ අද කොමිසම හමුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද පෙරවරුවේ නැවතත් රැස්වෙයි. 23 June 2025
අදත් තැනින් තැනට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2025
අක්මීමණ වෙඩි තැබීමක් අක්මීමණ ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමණ පොලිසිය පවසයි. 23 June 2025
වත්කම් හංගන දේශපාලඥයන්ට අල්ලසෙන් වැටක් රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත. 23 June 2025
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමයි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 23 June 2025
ඉරාන විදෙස් ඇමැති පුටින් හමුවෙනවා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, හදිසියේම රුසියාවට ගොස් ඇති අතර, ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ, ඇමෙරිකාවෙන් එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙනි. 23 June 2025
ඉරාන පාලනය වෙනස් කරන්න හදන්නේ නෑ - ඇමෙරිකාව තමන් ඉරානයට පහර දෙන්නේ, එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුනින් නොවන බව ඇමෙරිකාව අවධාරණය කරයි. 23 June 2025
හෝමූස් වහන්න ඉරානය සැරැසෙයි ඇමෙරිකන් ප්‍රහාරයෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය දී ඇත. ඉරාන පාර්ලිමේන්තුව ඊට අනුමැතිය දී ඇතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සිදු කරනු ඇත්තේ, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය බව ද පැවැසෙයි. 23 June 2025
විකිරණ කාන්දුවක් නැහැ ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු විකරණ කාන්දුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ඒ ගැන විමසිල්ලෙන් පසුවන සෞදිය පවසා ඇත. 22 June 2025
ඉරාන විදෙස් ඇමතිගෙන් චෝදනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි. 22 June 2025
මන්ත්‍රී රියදුරන්ටත් බංගලාවක් පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. 22 June 2025
පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණ පන්සිය පනහක් පසුගිය වසර පහේදී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. 22 June 2025
මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ සැප ගන්න වරම් නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House ) කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත 22 June 2025
උතුරේ උසස් පෙළ විශිෂ්ටයන්ට ලක්ෂයක් දෙයි 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි. 22 June 2025
අකුරැස්ස-දෙදියගලට නව සංචාරක කලාපයක් මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ. 22 June 2025
‘රජය ඉන්ධන- බලශක්ති මාෆියාවේ ගොඳුරක් වෙලා‘ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 June 2025
‘බස් ලයිසන් පිට පාරේ දීලා‘ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් නීතියට පිටින් නිකුත් කර ඇතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 22 June 2025
ග්‍රාමිය මාර්ග 1800 ක් සංවර්ධනය කරනවා ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 22 June 2025
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත. 22 June 2025
සුව ඇමති සිංගප්පූරුවේ ලොකුම සෞඛ්‍ය සේවා ලොක්කන් හමුවෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ විශාලතම සෞඛ්‍ය සේවා ආයතන සමූහය සහ රජයේ රෝහල්, ජාතික විශේෂිත මධ්‍යස්ථාන මෙන් ම බහු සායන ජාලයකින් සමන්විත Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනන නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 22 June 2025
කිරිඇල්ලේ ත්‍රිරෝද රථ රියදුරු ඝාතකයා කොටුවෙයි කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ත්‍රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි. 22 June 2025
බඹරු ඇන සිසුන් 50 ක් රෝහලේ මිද්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වා ගෙන යන දහම් පාසැලක සිසු සිසුවියන් 50 දෙනකුට පමණ අද (22) බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි . 22 June 2025
‘‘ප්රහාරයන් අති සාර්ථකයි‘‘ ඉරාන රෙජිමයට අයත් නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන වෙත ඇමෙරිකානු හමුදා සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවත් ඉරානය සතු යුරේනියම් බල ගැන්වීමේ හැකියාව නැති කිරීම සහ ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන ලොව ප්‍රධාන රට ලෙස ඉරානයෙන් ලෝකයට එල්ල වන න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම එම ප්රහාරයන්ගේ අරමුණ වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් පස්වරුවේ ප්‍රකාශ කළේය. 22 June 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026