
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය.
ලංකාවේ පවුල් වලින් සීයට 71ක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම ගැන අප සලකා බැලිය යුතුයි.ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම අපේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ආධාර මත යැපීමෙන් යම් පවුලක් සංවර්ධනය වන්නේ නැහැ.සුභසාධන මූල්‍යාධාර ලබා දෙන අතර අනෙක් පැත්තෙන් සමාජය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.දිළිඳු පවුල් ලක්ෂ විස්සක ප්‍රමාණය වසර පහක් ඇතුළත සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප අරඹා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධාර මානසිකත්වයක් හැදුවේ දේශපාලකයො තමයි, එ කාලෙ ඉඳලා. තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න, හාල් පොත්, භූමිතෙල් කාඩ්, ජනසවිය, සමුර්ධිය, අස්වැසුම, ඊට පස්සේ ඡන්දේ කාලේ එද්දි ටකරන්, කැරම් බෝඩ්, ලිත්, තව තව ගොඩාක් දේවල් බෙදලා මිනිසුන්ගේ ඡන්ද හිඟාකනවා. මිනිසුන්ට ස්වාධීනව ආර්ථික ශක්තියක් හදා ගන්න. ඒකෙන් ජාතිය ආර්ථිකයට ශක්තියක් වෙන්න ක්‍රමයක් හැදුවේ නැහැ... දැන මෙතැන මගුලක් කියවනවා...
ඔයිට වැඩිය ප්‍රතිශතයක් ඉන්නවා රට කාපු හැතිකරේට කඩේ යන.. හරියට මේ අපි ජෝඩුව වගේ...
බලයට ඇති කෑදරකමින් ජනතාව ආධාර මානසිකත්වය යොමුකලේ 1950-54 අතර කාලයේ ඇතිකළ තවමත් අගයමින් කතාකරන හර්තාලයක් නිසා තමයි. ඉන් පස්සේ නොමිලයේ හාල් සේරුව බැගින් දෙන විට ඊළඟට බලය ඉල්ලුවේ...
ඒක ජානගත රෝගයක්, සුව කරන්න අමාරුයි. නිකන් ඉඳගෙන කන්න උපන් ජාතියක්....
අහන්ඩත් දෙයක්ද? ලොකුම පව්ලේත් ඔය මානසිකත්වයමයි තියෙන්නේ... තව කන්නේ කොහොමද කියලා හිතෙනවා...
ඔය හැමෝම හිතාගෙන ඉන්නේ පොරොන්දු වෙච්චි විදියට උගන්ඩාවෙන් ඩොලර් ගෙනත්, රටේ ණය ගෙවලා ඉතුරු ටික බෙදලා දෙයි කියලා. ජාතිය අමතලා ඒ කියපු බොරුවට සමාව ගත්තොත් ජනතාව ආධාර මානසිකත්වයෙන් මිදෙන්නත් ඉඩ තියෙනවා.
යෝගාට බඩේ අමාරුවක් හැදුණත් මාලිමාව තමයි වැරැදි. මට හිතෙන්නේ බොරු නමකින් ඉන්න නාමල්ද කොහේද?