IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට

(අංජුල මහික වීරරත්න)

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබා දීමේදී අදාල ගොවීන් වෙත එකී සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කර ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. 

එබැවින්, එම පසු විපරම් කාර්යයට ද පහසුකම් සලසමින් ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රම වේදයක් යොදා ගැනීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය බාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනා ගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රම වේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට

අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 02:14 PM

අනිවාර්යයෙන්ම, කළයුතු වැඩක්, එකක් තමයි නියමිත වෙලාවට ගොවියන්ට සහානාධාරය ලැබීමටත් ලැබෙන සහනාධාරය අදාල කාර්යය සඳහා යෙදවීමටත්, ඒ වගේම සුදුස්සන්ට පමණක් සහනාධාරය ලැබිමටත් ඩිජිටල් තාක්ෂණය හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 229 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16058 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site