
(මනෝප්‍රිය ගුණසේකර)
2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනයේදී තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි කියමින් එය වලකාලන්නැයි ඉල්ලමින් සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය.
සිද්ධියේ සැකකරුවකු ලෙස නමි කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්‍ෂිත ඇපයක් මත මුදා හරිනු ලැබුවහොත් අධිකරණ මග නොඟහරින බවට හෝ විමර්ශන කටයුතුවලට බාධා නොකර සිටින බවට හෝ ඉදිරිපත් වු කරුණු අධිකරණය සෑහීමට පත්කිරීමට අපොහොසත් වු බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ අපේක්‍ෂිත ඇප අයැදුම ප්‍රතික්‍ෂෙප කළාය.
2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධිය වන අවස්ථාව වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ අතර සිද්ධියට අදාළව කළ විමර්ශන වලින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් ලිපියක් නිකුත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශබන්දුගේ ඇප අයැදුම විසි වේ
රනේ Wednesday, 20 August 2025 03:50 PM
ඔව්, ඒක හරි. මෙයා හොඳ හැංගිමුත්තන් සෙල්ලමට විතරයි.
Ananda Sooriyabadara Wednesday, 20 August 2025 04:05 PM
ඔහොම යමු ... හැබැයි NPP ... ඔබලාගේ කාලෙත් එනවා අනිවාර්යයෙන්...