IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

(රෝෂන් තුෂාර)

පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන  හිටපු ධීවර ඇමති  රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට බල කෙරෙන  නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශේෂ මෝෂමක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරින්තු ලබා සිටින   සැකකාර  රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට  ගැනීමට තවදුරටත් නොහැකි වී ඇති බැවින් මෙම විශේෂ මෝෂම ගොනු කරඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව කිසියම් නිශ්චිත දවසකදි අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා බල කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම  මෝසම ගොනුකර ඇති අතර සැකකරු අධිකරණ නියෝග පරිදි එසේ ප්‍රකාශයක් ලබාදීමට තවදුරටත් මගහැරියහොත්  සැකකරුගේ දේපළ තහනම් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමට අල්ලස් කොමිසමට නිත්‍යනුකූල අයිතිය ලැබෙන පරිදි මෙම මෝෂම ගොනුකොට ඇත.

සැකකාර  රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහරිමින් සැඟව සිටින බවට පවසමින් මෙම විශේෂ මෝෂම ගොනුකර ඇති අතර අදාල විමර්ශන සිදු කරන අල්ලස් කොමිසමේ ස්ථානාධිපතිවරය හා විමර්ශනන නිලධාරියා විසින් මෙම මෝෂම අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම විශේෂ මෝෂම කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ අද කැඳවීමට නියමිතය.

 

 



අදහස් (4)

රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

Angna Kouross Wednesday, 20 August 2025 01:43 PM

එතකොට නැව් ටික මොන පොලිසියටද ගේන්නේ?

:       3       20

Diyasen Sarath de silvaWednesday, 20 August 2025 03:18 PM

ත්‍රිකුණාමල වරාය පොලිසිය.

:       0       11

කපුරුහාමි Wednesday, 20 August 2025 02:47 PM

එහෙට මෙහෙට හේත්තු වේවී සදහටම බලයේ ඉන්න හදපු ආත්මාර්ථකාමී අවස්තාවාදී දේශපාලුවෙක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරපු ගමන් දත් ගලවන්නත් ඇති...!

:       0       26

Pa Ra Wednesday, 20 August 2025 07:17 PM

ඒ වුණාට එයාගේ නැව් ටික ගන්න බෑනේ ඒවා ටිනි පිටනේ... එයා බබානේ අනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site