
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප රටේ ලියාපදිංචි වී තිබෙන ක්‍රීඩා සංගම් 74 ක් සඳහා නව රෙගුලාසි හදා තිබෙනවා. ඒ වගේම අප කිසිම ක්‍රීඩාවක් අතහැර නෑ. අවශ්‍ය කරන ප්‍රතිපාදන හරියාකාරව ලබා දී තිබෙනවා.
ක්‍රීඩා සංගම් වල නිවැරදි පරිපාලනයක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් ස්ථාපිත කිරීම සඳහා අප මේ පනත සංශෝධනය කර තිබෙනවා.ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ඒකාධිකාරයක් තිබෙනවා.
සමහර නිලධාරීන් සභාපති ලේකම් ධුර වල වසර 25ක් රැඳී සිට තිබෙනවා. ඇතැම් නිලධාරීන්ට ක්‍රීඩා සංගම් ඇතුලේ වයසට ගොස් මියයන්න පවා අවශ්‍ය වී තිබුණා.ගොඩක් අය ක්‍රීඩාව දියුණු කරනවා වෙනුවට ක්‍රීඩාකයන් සමඟ රට සංචාර යන්න අවශ්‍ය වී තිබුණා.ඇතැම් නිලධාරීන් පිටරට ගිහින් අඩුවට බඩු ගන්න තියෙන සාප්පු ගැන නම් හොඳින් දන්නවා යනුවෙන්ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික ක්‍රීඩා උළෙලට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණයක්